Colombo Today Local News

දෙමළ ඊළම පිහිටුවීමේ පසුබිම සංහිඳියාවේ නාමයෙන් සැකසෙනවා.. ඊට එරෙහිව වන සියළු දෙනා මර්ධනය කරනවා

Gunadasa-amara 23

දෙමළ ඊළම පිහිටුවීමට අවශ්‍ය පසුබිම සංහිඳියාවේ නාමයෙන් සැකසෙන බවත්, ඊට එරෙහි වන සියලු දෙනා මර්දනය කරන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.

අමරසේකර මහතා එම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ ඊයේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ අමරසේකර මහතා මෙසේද පැවැසීය.

බෙදුම්වාදීන් මේ වන විට ප්‍රභාකරන්ගේ ක්‍රමයට වඩා වෙනස්‌ ක්‍රමයකට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අතර ආණ්‌ඩුව හමුදාව ඉවත් කරනවා. බුද්ධි අංශ දුර්වල කරනවා. ඒ අතරේ උතුරේ ඉන්න සිංහල ජනතාවත් මෙහාට පැමිණෙනවා.

දෙමළ ඊළම පිහිටුවීමට අවශ්‍ය පසුබිම සන්හිඳියාවේ නාමයෙන් සකස්‌ කරනවා. ඊට එරෙහි වන සියල්ලන් මර්දනය කරනවා.

උතුරේ මහ ඇමැති විග්නේෂ්වරම් හින්දු පුවත්පතට ප්‍රකාශ කරල තිබෙනවා ඔවුන්ට වසර 2000 ක සභ්‍යත්වයක්‌ තිබෙන බව. මේ ආණ්‌ඩුව ඒකට ඉඩ ඇරල ඉන්නවා. බටහිරයන් මේ ආණ්‌ඩුව බලයට ගෙනාවේ උතුර හා නැඟෙනහිර බෙදල දීල එහි හමුදා කඳවුරක්‌ පිහිටුවීමට. ඇමරිකාවේ පැසිපික්‌ කලාපය භාර ප්‍රධානියා ප්‍රකාශ කරල තිබෙනවා ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරක්‌ පිහිටුවිය යුතු බව.

රට යළිත් යුද්ධය ආරම්භ වීමට පෙර පැවැති තත්ත්වයට පත්වී තිබෙනවා. චාවාකච්ෙච්රියෙන් බෝම්බ හමුවීම වගේම උතුරේ සිටින සිංහල ජනතාව එම ප්‍රදේශ අතහැර යැම නිසා එම තත්ත්වය පැහැදිලි වනවා. මෙම තත්ත්වයට මෙම ආණ්‌ඩුවේ ක්‍රියා කලාපය හේතුවී තිබෙනවා. මේ ආණ්‌ඩුව ක්‍රියා කරන්නේ දෙමළ ජාතිවාදීන්ට සහ බටහිර රටවලට අවශ්‍ය ආකාරයට. බටහිsර රටවලට අවශ්‍ය වී තිබෙන්නේ මේ රට බෙදා මෙම කලාපයේ ඔවුනගේ ආධිපත්‍යය රැක ගැනීම. මේක දේශපාලන ප්‍රශ්නයක්‌ නෙවෙයි. මේක රටේ ආරක්‍ෂාව සහ ස්‌වාධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්‌. අපි රටේ ආරක්‍ෂාව සහ ස්‌වාධිපත්‍යය ආරක්‍ෂා කර ගැනීම සඳහා කටයුතු කළ යුතු වනවා.

Related posts

ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගයේ යෝජනා කෙටුම්පත කතානායකට

colombotoday

සපුගස්කන්ද පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යන්න දින 15කට වරක් බොරතෙල් නෞකාවක් දිවයිනට

colombotoday

මහජන සේවය ඉටු නොකිරීම ගැන ජනපති හේතු එපා කියයි

Admin

යතුරුපැදි හිස්වැසුම් භාවිතයට මූලික කරුණු 10ක්.. ගැසට් නිවේදනය මෙන්න

colombotoday

ඇෆ්ගනිස්තානය සමග සටන අද

Admin

පෙර නොවූ බද්දක් විදුලියටත් වැටෙයි.. 2%ක බදු වැඩිවීම 2 සිට ක්‍රියාත්මකයි

colombotoday