Colombo Today Local News

අගමැති ගන්න කාර් දෙක මිලියන 600ක් වුණාට පාඩු නෑ.. බදු ආදායම රජයටයි

අගමැතිවරාගේ භාවිත සදහා මෝටර් රථ දෙකක් ගෙන්වීම සදහා රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බවත්, එම වාහන මිලදී ගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ කැමැත්ත විමසීමෙන් පසුව යැයි අගමැතිවරයා ප්‍රකාශ කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් මහතා පවසයි.

වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 600ක් වුවත් එම මුදලින් මිලියන 128ක් පමණක් වාහන සඳහා වන බවත්, ඉතිරි මිලියන 472ක මුදල බඳු සඳහා වන බවත් කී ඒ මහතා, එලෙස බදු ලෙස ගෙවන මුදල නැවත මෙරට භාණ්ඩාගාරයටම ලැබෙන බවත් සිර‍කොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අගමැතිවරයා වර්තමානයේ භාවිත කරන වාහන ද්විත්වය ජනාධිපති කාර්යාලයෙන් ලබාදුන් ඒවා වන අතර, ඉන් එක් වාහනයක කිසිදු ලියකියවිල්ලක් නොමැති බවත්, එවන් වාහනයක් මෙරට අගමැතිවරයාගේ පාවිච්චියට දීම කළහැකි කටයුත්තක්ද යන්න සිතා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

Related posts

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද වොෂින්ටන් නුවරදී ඇරඹෙයි

colombotoday

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

colombotoday

පෞද්ගලික රෝහලකින් පැන්න කොවිඩ් රෝගියා හමුවෙයි

colombotoday

පවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ

Admin

මත්තල ගැන ආණ්ඩුවෙන් අලුත් යෝජනාවක් !

colombotoday

ගම්පහ වෙළෙඳසැල් අද විවෘතව තැබෙන වේලාවන්

colombotoday