ඇමරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ යුධ අපරාධ විශේෂඡයෙකු වන රොට් බුවසල්ස්ට් සහ උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් අතර සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්විණි.
මෙරට ජන සංහිදියාව හා වගවීම පිළිබදව දෙදෙනා අතර සාකච්ඡා සිදුවූ බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.
මෙම සාකච්ඡාවට ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති අතුල් කේෂාල්, ඇමරිකා රාජ්ය දෙපාර්තමේන්තුවේ දකුණු හා ආසියා කටයුතු භාර සහකාර ලේකම් මන්බීර් ආනන්ද් යන නියෝජිතයෝ සහභාගී වූහ.