World

කොවිඩ් පතුරනවයි කියමින් බල්ලෝ මරලා

කොවිඩ් ආසාදනයට ලක්වීම හේතුවෙන් සුරතලයට ඇති කළ සුනඛයන් 12 දෙනකු මරා දැමූ පුවතක් වියට්නාමයෙන් වාර්තා වේ.

මෙම සුනඛයන්ගේ හිමිකරුවන්ට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් සතුන්ව සත්ව රෝහලට ගෙන ගොස් තිබේ.

පසුව බලධාරීන් සුනඛයන් ඝාතනය කර ඇත්තේ වෛරසය ව්‍යාප්ත කරන බව පවසමිනි.

මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැරීමත් සමග එය වේගයෙන් පැතිරීමට පටන් ගෙන ඇත.

සුනඛයන්ගේ අයිතිකරු ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධිය හේතුවෙන් තමන් හා තම බිරිඳ මහත් කම්පනයට පත්ව සිටින බවයි.

මෙම අමානුෂික ක්‍රියාවට විරෝධය පළ කරමින් මේ වන විට අත්සන් 150,000ක පෙත්සමක්ද අත්සන් කරමින් පවතී.

වියට්නාමය තුළ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මෑත කාලයේදී වේගයෙන් ඉහළ යමින් පවතී. මේ ​හේතුව නිසා එහි සේවකයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ජීවත් වීමේ දුෂ්කරතාවකට පත් වූහ. ඔවුන් වෙනත් නගරවලට පලා යන්නටද විය.

බෝම්බයක් සමග කාන්තාවක් දෙල්ගොඩදී අල්ලයි

ජීව අත්බෝම්බයක් සමග කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් පෙරේදා(13)දින අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස් රටක නිෂ්පාදිත මෙම අත්බෝම්බය දෙල්ගොඩ – මීගහවත්ත ප්‍රදේශයේ නිවසක වල දමා තිබියදී සොයාගෙන ඇත්තේ මීගහවත්ත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශනයකදීයි.

Related posts

මියන්මාර නායිකාවට ලබා දී තිබූ ගෞරව සම්මානයක් ක්ෂමා සංවිධානය ආපසු ගනී

colombotoday

තායිවානය වෙනුවෙන් බයිඩ්න්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

colombotoday

තුර්කි – සිරියා භූ කම්පනයෙන් ජීවිත අහිමි වූ පිරිස 41,000 ඉක්මවයි

Admin

ශෙයික් හසීනා පස්වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට

Admin

යාත්‍රාවක් පෙරලී ළමුන් 8ක් ජිවිතක්ෂයට

colombotoday

ඉන්දියාවේ මන්ත්‍රීවරුන් 25කටත් කොරෝනා

colombotoday