Colombo Today Local News

එල්ලේ ක්‍රීඩකයා ඝාතනය: කර්නල් ඇතුළු 15 දෙනා රිමාන්ඩ්

මට්ටක්කුලියේ, ග්‍රාම නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන් කර්නල්වරයා ඇතුළු හමුදා සාමාජිකයන් 14 දෙනා සහ කාන්තාව ලබන 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මට්ටක්කුලිය පොලීසිය පසුගිය 30 වනදා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම ඝාතනය, සැකකාර ලුතිනන් කර්නල්වරයා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ, මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ තවත් සාමාජිකයින් 13 දෙනෙකි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කාන්තාව , ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳයි.

පොලිස් පරීක්ෂණවලදී නිරීක්ෂණ වී තිබුණේ, ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳ පැවැත්වූ සබඳතාවක ප්‍රතිඵලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි.

යුද හමුදා කඳවුරට අයත් කැබ් රථයකින් පසුගියද 17 වැනිදා මෙම පුද්ගලයා පැහරගෙන ගොස් ඇති අතර ඔහුගේ සිරුර පසුගිය 20 වැනිදා කාකදුපතේ වෙරළේ තිබියදී සොයා ගැනිණ.

පොලීසිය පැවසුවේ මොහු පැහරගෙන ගොස්, පහර දී ගෙල සිරකොට පසුව සේදවත්ත කළු පාලමෙන් කැලණි ගඟට දමා ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තොටළඟ එල්ලේ ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කළ අකිල සම්පත් රත්නසිරි නමැති 36 හැවිරිදි තිදරු පියෙකි.

Related posts

මූතූර්හී දී පොලිසියට ප්‍රහාර – හෙල්මට් නීතිය මුතුර් සහ කාන්තන්කුඩියෙන් ඉවතට?

colombotoday

මුස්ලිම් නීතිය සංශෝධනයට වෙනම කමිටුවක් පත්කළා -අධිකරණ ඇමති

colombotoday

මහ සයුරේ දැවැන්තයෙක් මගීන් 1176ක් රැගෙන මාගම්පුර වරායට

colombotoday

ජනපති, අගමැති, සමග සජිත්, චන්ද්‍රිකාත් නිදහස සමරයි… අපි එන්නෑ…. ෆොනී, මෛත්‍රී කලින්ම දන්වයි !

colombotoday

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

Admin

ඒකාබද්ධයේ රත්නපුර ප්‍රබලයෙක් අද මෛත්‍රී පිළට !

colombotoday