Colombo Today Local News

පාසල් සිසුන් එන්නත්කරණය ඇරඹේ

පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහන අද (15)දින කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ.

මේ යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සහ එක් වරක් පමණක් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට එන්නත ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ඒල්.ඒම්.ඩි ධර්මසේන මහතා පවසයි.

එන්නත්කරණය සඳහා 44,500 කට ආසන්න සිසුන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇති අතර සිසුන් සඳහා ලබාදෙනු ලබන්නේ, ෆයිසර් එනනතයි.

මේ අතර ලබන 21 වනදා සිට පළාත් මට්ටමින් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බව ද අතිරේක ලේකම්වරයා සඳහන් කරයි.

එන්නත ලබා ගැනීමට පැමිණීමේදී හැඳුනුම්පත හෝ අනන්‍යතාව තහවුරු කළ හැකි ලේඛනයක් රැගෙන එන ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශය සිසුන්ට දැනුම් දී සිටී.

Related posts

විනාඩි 4 න් රුපියල් මිලියන 100 ක මගඩිය සිදුවුනේ මෙහෙමයි

colombotoday

දවසට දෙක බැගින් දෙපැයක් විදුලිය කැපේ.. කාලසටහන මෙහෙමයි

colombotoday

අවුරුදු පහක් සීනි කන්න බිලියන 191ක් වැය කරලා

colombotoday

ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විටත් ලංකාවේ පැතිරිලා තියෙන්න පුළුවන්

colombotoday

බන්ධනාගාර බස් රථයකට වෙඩි – දෙමටගොඩ චමින්දට අසාධ්‍යයයි

colombotoday

පොලිස්පතිට මානසික ලෙඩක් ?

colombotoday