Covid 19

ඉදුරුව තුන්දුවේ මංගල උත්සවයකට ගිය 10කට කොරෝනා

ඉදුරුව තුන්දුව ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගිවු පුද්ගලයින් පිරිසකට ඇතුළු 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය.

තුන්දුව ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ 45ක් සිදුකර ඇති අතර ඉන් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද හෙතෙම පවසයි.

තුන්දුව ප්‍රදේශයේ පැවති මෙකී මංගල උත්සවය සදහා බෙරුවල හා අලුත්ගම යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ද මංගල උත්සවය පැවති නිවසට පැමිණ ඇත.මංගල උත්සවය පැවති අසල්වැසි නිවාස 03ක හා ඒ අවට පිරිමි 05 දෙනෙකුට හා කාන්තාවන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. ඒ අතර අවුරුදු 14ක පිරිමි දරුවෙක් ද වෙයි. පිරිමි පුද්ගලයින් හම්බන්තොට රෝහලට හා කාන්තාවන් 05 දෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා හික්කඩුව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

මීට දින කිහිපයකට පෙර තුන්දුව මුස්ලිම් විද්‍යාලයේ 12 හැවිරිදි දැරියකට ඇතුළු 03 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි.

Related posts

ආසාධ්‍ය කෝවිඩ් රෝගීන් දැක බිය වී දැඩි සත්කාරෙන් පැන දිවූ තරුණයෙකු මිය යයි

colombotoday

වත්තලට – ජාඇලට පොලිස් ඇදිරි නීතිය

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,735ක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 782ක්

colombotoday

රෝගීන් දෙදෙනෙකුගෙන් කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේදයක්

colombotoday

තවත් කොරෝනා මරණ 156 ක්

colombotoday