Colombo Today Local News

නුවරඑළිය මහනගර සභා අය වැය සම්මතයි

නුවරඑළිය මහනගර සභාවේ 2021 වර්ෂය සඳහා නුවරඑළිය පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනාව පාලක සියලුම නාගරික මන්ත්‍රී වරුන්ගේ සහාය මත සභා සම්මතවිය.
.
නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඇතුළු නාගරික මත්‍රිවරු 13 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර අයවැය යෝජනාවට විරුද්ධව හිටපු නගරාධිපති වර්තමාන නාගරික මන්ත්‍රි මහින්ද දොඩම්පේගමගේ මහතා අයවැය යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර සිටියහ. විපක්ෂය නියෝජනය කළ නාගරික මන්ත්‍රිවරුන් 3 ක් ඡන්දය දිමෙන් වැළකී සිටියහ.

විපක්ෂය නියෝජනය කරණ නාගරික මන්ත්‍රි වරුන් 6 දෙනෙකු ඊයේ පැවැති විශේෂ මහ සභා රැස්වීමට සහභාගි නොවුහ.

නාගරික මන්ත්‍රී මහින්ද දොඩම්පේගමගේ මහතා විසින් නුවරඑළිය පුරපති වරයා විසින් ඉදිරි පත් කළ අයවැය යෝජනාවට විරුද්ධව දීර්ඝ ලෙස කරුණු දැක්විම ද විශේෂ සිද්ධියකි.

පසුගිය පලාත් පාළන මැතිවරණයයෙන් තේරිපත් වු නාගරික මන්ත්‍රි මොහොමඩ් පලිල් මහතා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වු පසු ඒ වෙනුවට යලි සභාවට පැමිණි මහින්ද දොඩම්පේගමගේ මහතා අදහස් දැක්විම ද විශේෂ සිද්ධියකි.

Related posts

2021 අයවැය විවාදය දින 19 ක්

colombotoday

ගෝඨාගේ පුරවැසිභාවය ස්ථිරයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බාදාවක් නෑ. – අධිකරණය තීන්දු කරයි

colombotoday

අපේ ආණ්ඩුව තව කල්පයක් තියෙනවා

Admin

ජනපතිගේ ඔත්තුකරුවන් වැඩ අරඹයි.. පොහොට්ටු පුම්බන්න යන මන්ත්‍රීන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් !

colombotoday

“ඉස්ලාම් ආගම පිළිකාවක්. ලංකාව ලේ විලක් කිරීමේ තර්ජනයක් තිබෙනවා.” 2016 දී ඥානසාර හිමිගේ ප්‍රකාශයට එරෙහි පැමිණිල්ල ගොනු කිරීමට නියෝග

colombotoday

UN නියෝජිතයාට හිටපු කොටින් හමුවෙන්න අවසර දුන්නේ කවුද? – ජනපති අසයි !

colombotoday