Covid 19

හොරණ, කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයින් 47 ක් හදුනා ගැනේ

හොරණ, කර්මාන්තශාලාවක් තුල ඉන්දියන් ජාතිකයන් 37 දෙනෙකු ඇතුළු 47 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළදි ඇති බවට තහවුරු වී ඇතැයි ඉංගිරිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එල්. පි.එල් ප්‍රියන්ත මහතා පැවසීය.

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවකයින් 6 දෙනෙකුගෙන් අහඹු ලෙස ලබාගත් පිසිආර් පරික්ෂණ හයකින් 5 දෙනකු පසුගිය 11 දා ලැබුනු ප්‍රතිඵල වලට අනුව වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ පසුගිය 12 වැනිදා එම කර්මාන්ත ශාලාවේ සේවය කළ සියළුම සේවකයින් පිසිආර් පරීක්ෂාවට ලක්කර තිබේ.

ඒ අනුව එම කර්මාන්තශාලාවේ සේවය කරන 47 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට ඊයේ (14)දින රාත්‍රී යේ ලැබුණු ප්‍රතිඵල වලින් තහවුරු වී ඇතැයි එම මහතා පැවසීය.

ඒ අනුව මෙ වන විට කර්මාන්තශාලාවේ පනස් දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති අතර ඒ අතර ඉන්දියන් ජාතිකයින් 37 දෙනකු සහ එම කර්මාන්තශාලාව පිහිටි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් හා වෙනත් ප්‍රදේශවලින් සේවයට පැමිණි පුද්ගලයින් ඉතිරි පිරිස වේ.

මේ වන විට කර්මාන්ත ශාලාවේ සියලු රෝගීන් ගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායන කටයුතුවලට යොමු කරමින් සිටින අතර කර්මාන්ත ශාලාවේ ඉතිරි සේවකයන් කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළම නිරෝධායන කටයුතුවලට යොමු කර ඇත.

කර්මාන්තශාලාවේ සේවකයින්ට මෙම රෝගය වැළඳුනු ආකාරය පිළිබඳ මේ වන වන විට පරික්ෂණ සිදු කෙරෙමින් පවතින අතර කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව එම මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,500 ඉක්මවයි

colombotoday

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

colombotoday

කොළඹ වරායේ සේවකයන් තුන්දෙනෙකු ඇතුලු 19ක් නිරෝධායනයට

colombotoday

රුසියාවෙන් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් !

colombotoday

කෘෂිකර්ම ඇමති මහින්දානන්දටත් කොරෝනා

colombotoday

බස්නාහිර පොලිස් නිලධාරීන් 250කට කොරෝනා

colombotoday