පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (14)දින සිදුකර තිබූ වැටලීමකදී T56 උණ්ඩ භාවිත කළ හැකි දේශීයව නිෂ්පාදනය කරඇති ගිනිඅවියක් සොයාගෙන තිබේ.
මීට පෙර සොයාගත් ගිනිඅවිවලට වඩා වෙනස් ආකාරයෙන් එකවර උණ්ඩ දෙකක් නිකුත් කළ හැකි ආකාරයෙන් මෙම ගිනිඅවිය සකස්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මොනරාගල ප්‍රදේශයේදී මෙම ගිනිඅවිය සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 26 හවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබේ.