Colombo Today Local News

අනවසරෙන් විදුලි රැහැනක් අදින්න ගිය අයෙක් විදුලිය වැදී මරුට

වැලිපැන්න ලුල්බද්දුව ප්‍රදේශයේ පුද්ගලයකු, ඔහු විසින් ම අනවසරෙන් අදින ලද විදුලි රැහැනකින් විදුලිසැර වැදී අද (15)දින මියගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ වැලිපැන්න, ලුල්බද්දුව, හතරෙ කනුව ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.පී.ඉන්දික (37) විවාහක පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා ඌරන්ට විදුලිසැර වද්දවා මැරීමට කටයුතු කරමින් සිටියදී මෙලෙස විදුලි සැර වැදෙන්නට ඇතැයි සැක කළ හැකි යයි පොලිස් නිලධාරියෙක් පවසයි.

මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු පාපැදියක් පමණක් තිබෙනු දැක ඒ පිළිබඳව විමසිලිමත් වීමේදී මියගිය අයගේ මළ සිරුර වෙලේ වැටී තිබෙන අයුරු දැක ඒ බව පොලිසියට දැනුම් දුන් බව පොලිසිය කියයි.

එම ස්ථානයට පැමිණි වැලිපැන්න පොලිසිය මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර අසල විදුලි රැහැනක් තිබෙණු දැක වහා ක්‍රියාත්මක වී විදුලි බල මණ්ඩලය ඒ බව දන්වා එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමට ප්‍රථමයෙන් පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.

එම පුද්ගලයා, මියයාමට පෙර ලුල්බද්දුව ප්‍රදේශයට අද (15)දින අලුයම පාපැදියකින් පැමිණ පාපැදිය ගසකට හේත්තු කර මාර්ගයේ විදුලි කණුවකට නැග සැපයුම් විදුලි වයරයට අමතර වයරයක් සම්බන්ධ කර එම වයරය කැලෑව දෙසින් වෙල දෙසට රැගෙන ගොස් තවත් වයරයකට සම්බන්ධ කිරීමට යාමේදී විදුලි සැර වැදී වෙලට වැටෙන්නට ඇති බව වැලිපැන්න පොලිසිය කියයි.

Related posts

මහේෂ් සේනානායකගේ පක්ෂේ කචල්. නාමයෝජනා අවලංගු වෙන ලකුණු

colombotoday

ආණ්ඩුව 18 මාසෙට බිලියන 7.7ක් ණය අරගෙන මහින්ද යහපාලන ආර්ථික අර්බුදය ලිහා පෙන්වයි

colombotoday

චීනයට දුන් හම්බන්තොට වරායේ ඉතිරි මුදල ගෙවීම චීන සමාගම ප්‍රතික්ශේප කරයි..

colombotoday

නිහඬ කාලයේදී අපේක්‍ෂකයන් පුම්බන වැඩ බෑ

colombotoday

විදුලිය මදිවට බොන්න වතුරත් නැති වෙන ලකුණු

colombotoday

බණ්ඩරත්තවේල්ලේ දී අවිඅයුධ තොගයක් වටලයි

Admin