Colombo Today Local News

පළාත් අතර සංචරණ සීමා දැඩි කරන්න ත්‍රිවිධ හමුදාව කැඳවයි

මේ වන විට දිවයින පුරා පාලනයකින් තොරව පැතිර යන කොවිඩ් වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම උදෙසා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා දැඩි කිරීමට රජය විසින් පියවර ගැනුණා.

මේ අනුව පළාත් සීමා මායිම් වල පොලිස් මුරපොළවල් තර කෙරෙන අතර පොලිසියේ සහාය සඳහා යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාවත් යෙදවීමට තීරණය කර තිබේ.

නව නීතිරීති අනුව පළාත් අතර සංචරණය සිදුකර හැක්කේ අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන කාර්යමණ්ඩලවලට පමණයි.

කෙසේ වෙතත් මෙම අත්‍යවශ්‍ය සේවා කාර්ය මණ්ඩල ද අවශ්‍යතාව අනුව පරීක්ෂාවට ලක් කිරීමට පොලීසියට උපදෙස් ලැබී තිබෙනවා.

Related posts

රටේ වැසියන් ණයකාරයන් කර ඇති රටක මොන නිදහස් උත්සවද? නිදහස් දින උත්සවය මහින්ද අමරවීර වර්ජනය කරයි

colombotoday

50ට අඩුනම් මෙන්න අවස්ථාවක්

Admin

මහින්දව රහසේ හමුවූ නි.ඇමති අරුන්දිකට ආණ්ඩුවෙන් ලෙඩක් !

colombotoday

ශ්‍රී ලංකාවට සහය දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දෙයි

Admin

කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි

Admin

සමූපකාරවල මුදල් තැන්පත් කළ ජනතාවට දේපලක් විකුණා හෝ මුදල් ආපසු ලබා දෙනබවට පොරොන්දුවක්

colombotoday