Colombo Today Local News

රංජන්ගේ නිල නිවාසත් අහිමි වන ලකුණු

සිර දඩුවම් නියම සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ලබන සතියේදී ඉවත් කරගැනීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

නිවෙසක් සොයාගන්නා තුරු රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔහුට කලින් හිමිව තිබූ නිවසේ තබා ගැනීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගෙන් මෙයට ඉහතදී ඉල්ලීමක් කර තිබිණ.

ඒ අනුව රත්වත්තේ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග සාකච්ඡා කර ඒ සඳහා මාස තුනක සහන කාලයක් සානුකම්පිත හේතු මත ලබාදීමට දී තිබිණ.

එම මාස තුනක සහන කාලය ලබන විසි වෙනිදාට අවසන් වන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ මේ කාරණය සම්බන්ධයෙන් කතානායකවරයා සමග ඉදිරි දිනවලදී සාකච්ඡා කර කිසියම් තීරණයක් ගන්නා බවයි.

නවක මන්ත්‍රීවරුන්ට ලබාදීමට නිවාස ප්‍රශ්නයක් පවතින බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය.

Related posts

ජනපති අනුරට දෛවයේ සරදම්! ඉන්දියානු ව්‍යාප්තවාදයේ නොකියූ කතාව

colombotoday

බඩගින්නට කදුළු බොන බෝගස්වැව සිංහලයන්ගේ කුසට ආහාරයක් ලබාදෙන්න ඔබටත් අවස්ථාව

colombotoday

කොටි සැමරුම් සපුරා තහනම්… ආරක්ෂක අංශ සීරුවෙන් !

colombotoday

සිල් රෙදි නඩුව: අභියාචනයේ තීන්දුව නොවැම්බර් මස 13 වෙනිදා.

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

හදිසි නීතිය පැනවීටම මහජනතාවට හේතු දක්වන්න – මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday