Colombo Today Sports News

සංගාගේ නමත් ශ්‍රේෂ්ඨතම නම් අතරට

ICC Hall of Fame හෙවත් ශ්‍රේෂ්ඨතම නම් අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ නමත් ඇතුළත් කර තිබේ.

ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ විශිෂ්ට මෙහෙවර සැලකිල්ලට ගනිමිනුයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙය නිවේදනය කර ඇත.

කුමාර් සංගක්කාර යනු මෙතෙක් බිහිවූ දක්ෂතම කඩුලු රකින්නෙක් මෙන්ම පිතිකරුවෙක්ය.

වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ඔහු පන්දු වාර 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ නායකයෙක් වෙයි.

එමෙන්ම ලෝක කුසලාන එක්දින අනුශූරතාව දෙවරක් දිනූ නායකයෙකු මෙන්ම ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි පිතිකරුවෙකු ලෙස ඔහු දැක්වූ විශිෂ්ට දක්ෂතා මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

එක්දින වැඩි ම ලකුණුලාභීන් අතර ඔහු දෙවැනිවන්නේ සචින් තෙන්දුල්කාර්ට පමණි.

ඊට අමතරව ටෙස්ට් වැඩිම ලකුණුලාභීන් අතර ඔහු පසුවන්නේ 6 වන ස්ථානයේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ Hall of Fame විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට එක්වූ දෙවන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරයි.

මීට පෙර සුපිරි දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නම 2016 වසරේදී මේ සඳහා ඇතුළත් කෙරුණි.

Related posts

පළමු දිනයේදීම සුරංගගෙන් කඩුළු පහක්..

colombotoday

ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 27 වනදා – ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

colombotoday

අසත්‍ය ප්‍රචාරණ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පැහැදිළි කිරීම

colombotoday

LPL අධ්‍යක්ෂ ධුරයෙන් රවීන් වික්‍රමරත්න ඉවත්වෙයි

colombotoday

දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයෙන් ඉවත්වෙයි.

colombotoday