Colombo Today Local News

සහල් හොරෙක් හෙරොයිනුත් එක්ක මාට්ටු

ඉකුත් 11 වනදා ගල්කිස්ස ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැළකට ඇතුළු වී රුපියල් 250,000 ක් වටිනා සහල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කරසිටි සැකකරුවෙකු පොලීසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

ගල්කිස්ස දුම්රිය ස්ථානය අසල දී පොලීසිය සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු ඊයේ (13) දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සහල් සොරකම පිළිබඳව අනාවරණය වී තිබේ.

ඒ අනුව සැකකරු සතුව තිබූ තවත් සහල් කිලෝ 5 බැගින් වූ සහල් උර 5ක් සොයා ගැනුණි.

සැකකරු විසින් සොරකම් කරන ලද සහල් විකිණීම සඳහා ලබාදුන් වෙළෙඳසැල් 2ක තිබී තවත් සහල් උර 8ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අවුරුදු 34,33 සහ 39 වයස්වල පසුවන්නන් ය.

Related posts

“සමස්ත ජාතියම මහා තිගැස්මකට ලක්වෙලා” – හිටපු ජනපතිගෙන් නිවේදනයක් !

colombotoday

බුදුන් වහන්සේගේ පින්තූරය දාන්නත් අගමැති රනිල්ගෙන් අවසර ගන්න වෙයි !

colombotoday

මදුෂ් එනතුරු ආරක්ෂක අංශ කටුනායක සීරුවෙන් – ගුවන් තොටුපල අවට ආරක්ෂාවත් දැඩි කෙරේ

colombotoday

අක්කර දහසක් විනාශ කරමින් ගල්ඔය අමුණ කැඩී යයි

Admin

මිය ගිය මිනිසා නැවත ගෙදර ඒයි

colombotoday

එජාපයේ ඉරණම තීන්දු වන දිනය ? විමල් කියයි

colombotoday