අද බොරැල්ල හයිඞ් පිටියේදී පැවැත්වෙන ඒකාබද්ද විපක්ෂයේ ජන රැුළියට තමන් අනිවාර්යෙන්ම සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොලඹ පැවති උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
පසුගිය රජය ණය ගෙන ඇත්තේ කිසිම සටහනක් නොතබා හොරෙන් යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කල චෝදනාවට පිළිතුරු දෙමින් ඔහු විමසා සිටියේ එසේ කිසිදු සටහනක් නැතිව හොරෙන් ණය දෙන්නේ කවුදැයි කියායි.