Colombo Today Sports News

“ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න මට බැහැ – IPL තරග කිහිපයක් හරි ගහනවා” – ලසිත් මාලිංග

EP-150409713.jpg&MaxW=960&imageVersion=default&NCS_modified=20150406195438

මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවක තමන් නොවන බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග පවසනවා.

ඔහු මේ අදහස් පළකලේ ලෝක කුසලානය සඳහා ඉන්දියාවට පිටත් යාමෙන් අනතුරුවයි.

” මගේ අබාධිත තත්ත්වය පොඩ්ඩක්වත් සුවවී නැ, ආබාධයට ලක්වූ මාව කණ්ඩායමට ඇතුලත් කළේ මොකද කියල මන් දන්නේ නැ, තේරීම් කමිටුව ලෝක කුසලානයට යන්න කියල කියපු නිසා මම ආවා. ආසියානු කුසලාන තරඟාවලියේ පළමු තරඟයෙන් පසුවත් මම කිව්වා වෙනත් ක්‍රීඩකයෙකුව ආදේශ කරන්න කියලා එකත් කළේ නෑ. මම හිතන්නේ කකුල කැඩුණු මාව සංචිතයට දාන්නේ නැතුව තරුණ ක්‍රීඩකයෙකු අවස්ථාව දුන්නානම් හොදයි.”

එමෙන්ම මාලිංග නායකත්වෙන් ඉවත් කිරීම පිළිබඳව ඔහු අසතුටෙන් සිටින බවයි වර්තාවෙන්නේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාලිංග පැවසුවේ.

“පැය කිහිපයක් තුල කණ්ඩායම වෙනස්වුණා මම රාත්‍රියේ නිදාගෙන උදේ බලනකොට තේරීම් කමිටුවක් පත්කරලා කණ්ඩායමකුත් නම් කරලා එකේ මම ඉන්නවා”

IPL තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් මාලිංග පැවසුවේ

” මම සිතන්නේ IPL ක්‍රීඩා කරන්න මට බැරිවෙයි IPL තරඟාවලිය මාස 2ක් විතර තියෙනවා ඒ නිසා අවසන් තරඟ 2ක් 3ක් වත් ක්‍රීඩා කරන්න මම උත්සහ කරනවා, මම කරන සියලුම දේවල් ජනතාවට පෙන්නේ වැරදියටමයි එකට මට කරන්න දෙයක් නෑ.

Related posts

වසර 21කට පසු ලංකාවට රන් පදක්කමක් ගෙනා තරුෂිට ක්‍රිකට් ආයතනෙන් කෝටියක්

Admin

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඇරඹෙයි. පළමුව පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

colombotoday

අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයට

colombotoday

තියුණු පරාජයෙන් පසු ඇෆ්ගන් ප්‍රේක්ෂකයෝ කුලප්පු වෙයි

colombotoday

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද

Admin

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා යුපුන් අද ඔලිම්පික් තරඟ බිමේ

colombotoday