Colombo Today Local News

මේක නිවට, බියගුළු, අසමත් ආණ්ඩුවක්.. දැන් ඉතිං හොදටම ඇති.. දෙයියනේ කියල ඉල්ලා අස්වෙයල්ලා

වත්මන් ආණ්ඩුව ජනතාවට පැය විසිහතර විදුලිය ලබාදීමට අසමත් වූ, සති දෙකක් ඇතුළත දෙවතාවක් ජාතික විදුලිබල පද්ධතිය බිඳ වැටීමට අවස්ථාව උදා කළ ,වැඩකරන ජනතාවට, වෘත්තීයවේදීන්ට “පාදඩයා” යනුවෙන් අමතමින් කටයුතු කළ නිවට, බියගුළු අසමත් ආණ්ඩුවක් බව ජානිපෙ නායක,පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද(14දා )බොරැල්ල,එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.

තව දුරටත් කරුණු දක්වමින් හෙතෙම පවසා සිටියේ මෙය පාසල් දරුවන්ගේ නිල ඇඳුම් රෙදි කෑල්ල දෙන්න බැරිව දෙමව්පියන් දවස් ගණන් කඩ ගණනේ රස්තියාදු කරවපු ආණ්ඩුවක් බවයි.

අද අපි ඉදිරිපිට තිබෙන්නේ තමන්ගේ අසමත්කම නිසාම බිය වි ඒ අසමත්කම වසා ගැනීමට ජනතාව බිය වද්දන ආණ්ඩුවක් යනුවෙන් වීරවංශ මහතා පවසා සිටියේය.

තව දුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේද පවසා සිටියේය.

”ඉන්දියාව ඇතුළු රටවල උවමනාවන් ඉටු කරන, ඒ උවමනාවන් වෙනුවෙන් කැප වෙන රාජ්‍යයක් බවට පමණක් අද මේ රට පත්කර තිබෙනවා. ඒ වගේම මහජනයාට “තිත්ත බෙහෙත්” බොන්න කියන ගමන්, තමන්ගේ වරප‍්‍රසාද වැඩිකර ගන්න මැතිඇමතිවරුන්ට පැණිරස බෙහෙත් පොවන්න අගමැතිවරයාට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. මැති ඇමති වරප‍්‍රසාද වැඩිකර ගැනීමට යාම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂය තමන්ගේ විරුද්ධත්වය පැහැදිලිව දක්වා තිබෙනවා. ”

මේ සියලූ කාරණා හේතුවෙන් මහජනතාවට තවදුරටත් පීඩනය එල්ල නොකර,”දැන් ඉතිං හොඳටම ඇති, දෙයියනේ කියලා ඉල්ලා අස්වෙයල්ලා” කියන බලපෑම මේ ආණ්ඩුවට සිදු කරන්න ඕනෙ යනුවෙන්ද පවසා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් වීරවංශ මහතා ඉල්ලා සිටියේ මාර්තු 15 වැනිදා රාජ්‍ය බලය යොදා ගෙන ආණ්ඩුව පෙන්වීමට හදන විගඩම් බලයට එරෙහිව ප‍්‍රගතිශීලී, දෑහිතකාමී සැබෑ ජනතා බලය පෙන්වීම සඳහා මාර්තු 17 වැනිදා කොළඹ හයිඞ් පිටියට රොද බඳින ලෙස රටට හිතැති සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනකොටස් වෙත විවෘතව ආරාධනා කර සිටින බවයි.

 

Related posts

වල්සපුගල ගොවින් දෙවන දිනටත් උපවාසයේ

colombotoday

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද ජනපති හමුවෙයි

colombotoday

විශ්වාසභංගයෙන් අගමැති හිරවෙද්දී, විධායක ජනපති ධුරය අහෝසියට ජවිපෙ 20 සංශෝධනය ගෙනෙයි

colombotoday

වඩා අගයන එකම වත්කම මානව සංවර්ධනයයි “පළමුව ජනතාව” යන ප්‍රතිපත්තිය අත්නොහරින බව ජනපති ලෝක ප්‍රජාවට අවධාරණය කරයි

colombotoday

තත්වය බරපතලයි.. උතුරේ සන්නද්ධ කණ්ඩායම් නැගිටිනවා – බුද්ධි අංශ අනතුරු අගවයි

colombotoday

අමාත්‍යාංශ දෙකක විෂය පථය සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday