EntertainmentWorld

රියදුරු රහිත ලොව පළමු මෝටර් රථය අවුඩි සමාගමෙන්

tech audi

මෝටර් රථ වෙළෙදපොළට දවසින් දවස එක එක මාදිලියේ මෝටර් රථ එනවා.

ඒත් ඒ මෝටර් රථ වල වෙනස් වෙන්නේ පොඩි පොඩි තාක්ෂණික මෙවලම් වලින් නැත්නම් ඉන්ධන ධාරිතාවයෙන් එහෙමත් නැත්නම් සුඛෝපභෝගී තත්ත්වයෙන්.

ඒත් රිය අනතුරු වලින් බේරෙන්න, රියදුරුට පීඩනය අඩු කරන කිසිම දෙයක් මෑත කාලයේ ආපු මෝටර් රථ වලින් වෙලා නැහැ කිව්වොත් නිවැරදීයි.

එහෙත් ඒ සියලුම දේට හොද පිළිතුරක් දෙමින් Audi සමාගම සුපිරි මෝටර් රථයක් නිර්මාණය කරලා තියෙනවා.

අවුරුදු 7ක මහන්සියක් වගේම පර්යේෂණ වලින් අනතුරුව තමයි මේ මෝටර් රථය නිර්මාණය වෙලා තියෙන්නේ.

කොටින්ම කිව්වොත් මේ සුපිරි මෝටර් රථයට නැග්ගට පස්සේ රියදුරෙක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ.

ඉතාමත් ආරක්ෂිතව තමන්ගේ ගමනාන්තය කරා Audi Cruise RP-1 මෝටර් රථය ගෙන යනවා.

ඊට වැඩිය තව වෙන මොනවද ඕනේ කියලා ඔයාලට හිතෙයි පහතින් තියෙන වීඩියෝව බැලුවම.

මේ මෝටර් රථය ගැන General Motors සමාගමේ සභාපති ඩෑන් අමාන් කියන්නේ ලෝකේ පළමුවෙනි වතාවට fully autonomous විදිහට නිර්මාණය කරපුු මේ මෝටර් රථය හොදම විදිහට ඉදිරියේදී වෙළෙදපොළේ අලෙවි වෙයි කියලයි.

අන්තර්ජාලයේ සදහන් වන අන්දමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලකට මෙය අලෙවි කිරීමට නියමිතයි කියලයි.

Related posts

තමිල්නාඩුව හඩවමින් ජයලලිතා නික්ම යයි

colombotoday

ලන්ඩනයේ මුස්ලිම් පල්ලියකට වෑන් රථයක් කඩා වදී..

colombotoday

ස්පේස්-එක්ස් රොකට්ටුව ගොඩබෑමේදී පුපුරා යයි

colombotoday

චීනයට යන සංචාරකයින් නිරෝධායනය වීම අවසන් කරයි

Admin

පිලිපීනයේ කතෝලික දේවස්ථානයකට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – 27ක් ජීවිතක්ෂයට

colombotoday

ලන්ඩන් ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ රතු කට්ට පනී !

colombotoday