World

චීනයට යන සංචාරකයින් නිරෝධායනය වීම අවසන් කරයි

චීනයට පැමිණෙන සංචාරකයින් තවදුරටත් නිරෝධායනය කිරීම අවශ්‍ය නොවන බවට චීන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

එළෙඹෙන වසරේ ජනවාරි 8 වන දා සිට සංචාරකයින් නිරෝධායන කිරීම අවසන් කරන බව චීනය සඳුදා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය දැඩි කොවිඩ් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ පියවරක් ලෙස චීනය මෙම තීරණය ගෙන ඇත.

2020 වසරේ මාර්තු මාසයේ සිට, චීනයට පැමිණෙන සංචාරකයින් නම් කරන ලද හෝටලයක දින 14ක කාලයක් නිරෝධායනය කිරීම සිදු විය.

එය ඇතැම් සංචාරකයින් සඳහා දින 21ක් දක්වා දීර්ඝ කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබිණි.

වත්මන් ප්‍රතිපත්තියට අනුව, බලධාරීන් විසින් නියාමනය කරනු ලබන ස්ථානයක දින පහක් නිරෝධායනය වීම අවශ්‍ය වන අතර ඉන් පසුව දින තුනක් නිවසේ නිරෝධායනය විය යුතු ය.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර ඇත්තේ, ජනවාරි 8 වන දා සිට කොවිඩ් රෝගීන්ගේ අශ්‍රිතයින් සෙවීම ද නතර කරන බව ය.

ඒ අනුව, චීනයට පැමිණෙන සංචාරකයින් පැය 48ක් තුළ සිදු කළ කොරෝනා ආසාදිත නොවන බවට වන වාර්තාවක් පෙන්වීම පමණක් ප්‍රමාණවත් බව එම කොමිසම සඳහන් කර ඇත.

කොවිඩ් නීති ලිහිල් කළ ද මේ වන විට චීනය තුළ කොරෝනාවෛරස ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති අතර පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය ද සඳහන් කර තිබුණේ, එරට රෝහල් රෝගීන්ගෙන් පිරී යන බව දක්නට ඇති බව ය.

Related posts

කීව් අගනුවර අල්ලන්න ඔන්න මෙන්න.. වැසියන්ට වහා නගරයෙන් පිටවන්න රුසියන් හමුදා කියයි

colombotoday

Video – මීලග ISIS ප්‍රහාරය බ්‍රිතාන්‍යයට – ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් වීඩියෝවක් නිකුත් කරයි

colombotoday

හිලරිගේ මැතිවරණ ව්‍යාපාරයට සෞදි රජයෙන් ඩොලර් බිලියන ගණනක් !

colombotoday

නවසීලන්ත මුස්ලිම් පල්ලියේ ප්‍රහාරයෙන් මියගිය ගණන 40ක්.. වෙඩිතබා ඇත්තේ ඕස්ට්‍රේලියානුවෙක්…

colombotoday

යෝධ සත්ව මස් ඇඹරුම් යන්ත්‍රයට හසු වූ මිනිස් ජීවිතය

colombotoday

චීනය තවත් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීමට සූදානම්

colombotoday