26 C
Colombo
10 April 2025
Colombo Today Local News

රාජිතගේ ටිකට් කපන්න ලංකාවෙන් 140ක් ගිහින් ! ටිකට් කැපූ රාජිත යාබද සුපිරි නිවාස සංකීර්ණයක විවේක සුවෙන්

rjitha

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ පසුගිය දා බයිපාස් සැත්කමකට භාජනය කරනු ලැබූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම රෝහලෙන් ඉවත්ව යන දා ඔහුට සුවය පැතීම සඳහා ශ්‍රී ලංකාවෙන් 140 කට අධික පිරිසක් එම රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වේ.

මෙයින් වැඩි පිරිසක් රෝහල කරා ගොස් ඇත්තේ ඇමතිවරයාගෙන් ලකුණු දමා ගැනීම සඳහා බව වැඩි දුරටත් අනාවරණය වේ. ඇමතිවරයාට මූණ පෙන්වා එක දමා ගැනීමෙන් පසු මොවුන්ගෙන් බොහෝ දෙනා සිංගප්පූරුවේ ‘Marina Bay’කැසිනෝ හලේ දැකගත හැකි වී තිබේ. මොවුන්ගෙන් බොහෝ දෙනෙකු කුප්‍රකට සූදු කප්පිත්තන්ය.

මෙසේ අධික අමුත්තන් සංඛ්‍යාවක් එක් රෝගියෙකු බැලීම සඳහා පැමිණීමේ හේතුවෙන් රෝහල් බලධාරීන්ට විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවූ බවද වාර්තා වේ. එසේ හෙයින් දිනකට අමාත්‍යවරයා බැලීමට පැමිණෙන සංඛ්‍යාව සීමා කිරීමට මවුන්ට් එලිසබත් රෝහලේ පාලනාධිකාරියට සිදුවී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට රෝහලෙන් ඉවත්ව ගොස් ඇති අතර වැඩිදුර විවේකය සඳහා රෝහලට යාබද ‘යෝක් හොටේල්’ අසල සුපිරි නිවාස සංකීර්ණයක (Luxury apartment) ලැගුම් ගෙන සිටී. තව මාසයක කාලයක් පමණ මෙසේ විවේකයෙන් සිටිය යුතු බවට සේනාරත්න මහතාට හෘදය විශේෂඥයින් උපදෙස් දී ඇත.

Lankanewsweb

Related posts

පෝර්ට් සිටිය නව ආරකින් ඉදිරියට.. පාඩුවේ හිලව්වට හෙක්ටයාර් දෙකක් චීනයට !

colombotoday

වජිර එජාප නායකත්වයට යන මග සකසමින්

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබෙන ඩො.මි. 252ක ණය වාරිකය අනුමතයි

colombotoday

බාල ඖෂධ එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව : රුපියල් මිලියන 720ක අතුරු වන්දියක්

colombotoday

සිරස ඇද වැටේ.. මේ වසරේ සේවක වැටුප් වර්ධකත් කපා දමයි !

colombotoday