ප්‍රදේශිය සංවර්ධන අමාත්‍ය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව පවත්වමින් ප්‍රකාශ කළේ ජිනීවා යෝජනා පරිදි ස්ථාපිත කිරීමට නියමිත යුද අපරාධ පරීක්ෂණය සදහා විදෙස් නිරීක්ෂකයන් සහභාගී කරගෙන වැරදි කළ හමුදා සාමාජිකයන්ට දඩුවම් කළ යුතු බවයි. අවසාන කොටි ත්‍රස්ත කාඩරයන් පිරිස මරා දැමීම සම්බන්ධයෙන් කියවෙන සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් කළ යුතු බවත් ඔහු පැවසූවා.
ෆොන්සේකා අමාත්‍යවරයා මෙම ප්‍රකාශය හරහා මුළු මහත් රටත් රණ විරුවනුත් පාවා දුන් බවත් පූජ්‍ය දොඩම්පහළ රාහුල හිමියන් පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් උන් වහන්සේ මෙසේ පැවසූහ.