Colombo Today Local News

උඩුවේ හිමියන් ඇපමත නිදහස්

uduwe himi

අලි පැටවෙකු ළගතබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ නියෝගයකට අනුව ඇපමත මුදා හැරුණා.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා උන්වහන්සේගේ නීතිඥයන් හේතු 4ක් ඉදිරිපත් කර තිබුණා.

අපවත්වී වදාළ අස්ගිරි මහානායක අතිපූජ්‍ය ගලගම ශී‍්‍ර අත්ථදස්සි හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්වයට සහභාගි විය යුතු බවත්, බන්ධනාගාර නිලධාරීන් සමග ඊට සහභාගි වීම අවමන් සහගත බවත් ඉදිරිපත් කෙරුණු පළමු හේතුව වනවා.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ප‍්‍රසිද්ධ ධර්ම කථිකයෙකු වීම ඉදිරිපත් කෙරුණු දෙවන හේතුවයි.

උන්වහන්සේ විසින් ළඟ තබාගෙන සිටි බව කියන අලි පැටවාගෙන් උන්වහන්සේ කිසිදු ආර්ථික ප‍්‍රතිලාභයක් ලබාගෙන නොතිබීම තුන් වැනි හේතුව වනවා.

අදාළ සිද්ධියේ වින්දිතයන් කිසිවෙකු නොසිටීම හතරවන හේතුවයි.

මෙම හේතු අතරින් පළමු හා දෙවන හේතු පිළිගත හැකි බවත්, එහෙත් 3 වැනි හා 4 වැනි හේතු පිළිගත නොහැකි බවත් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයින් කියා සිටියා.

අදාළ සිද්ධියේ වින්දිතයන් වන්නේ රජය බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

Related posts

ලසන්ත සමග දුරකථන සංවාදයේ හඩ පටය ගැන මහින්ද කතා කරයි

colombotoday

කැනඩා පනින්න ගිය උද්දිකට වෙච්ච වැඩේ

Admin

වියට්නාම් ගිය මගීන්ට ලංකාවට ඇතුළු වීමට අවසර නැහැ

colombotoday

ගම්පහ ආසාදිතය‍ෝ 185ක් දින ගණන් ගෙවල් වල

colombotoday

අයවැයට ඡන්දය දීමටනම් TNA, මුස්ලිම් කොංග්‍රසයෙන් මාරාන්තික කොන්දේසියක්…

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday