Colombo Today Local News

වියට්නාම් ගිය මගීන්ට ලංකාවට ඇතුළු වීමට අවසර නැහැ

පසුගිය දින 14 ක කාලය තුළ වියට්නාමයේ සංචාරය කර ඇති මගීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් සමාගම්වලට දන්වා තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පැවසුවේ, මෙම තහනම නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි.

සියලු ගුවන් සමාගම් වෙත මෙම නිවේදනය නිකුත් කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

මේ අතර වියට්නාමයෙන් නව දෙමුහුන් කොරෝනා ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බවට පසුගිය දා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, එය ඉන්දියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු වෛරස් ප්‍රභේදවල එකතුවකින් නිර්මාණය වූ නව වෛරස් ප්‍රභේදයක් බවයි.

ඉතා භයානක එම වෛරස් කාණ්ඩය වාතයෙන් ව්‍යාප්ත විය හැකි බව ද ඔහු පවසා තිබිණ.

Related posts

යාපනය බන්ධනාගාරයේ සිටි ඉන්දියානුවා පැනගිහින්

colombotoday

ජනපති කැබිනට් රැස්වීම වර්ජනය කරයි…

colombotoday

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් තනතුරට ජීවන් තොණ්ඩමන් පත් කරයි

colombotoday

කද බඩ පමණක් ඇති මොලයක් නැති 08 පාස් ප්‍රසන්න ගම්පහ උගත් අපේක්‍ෂකයන්ට බයවෙලා

colombotoday

කායවර්ධන උපදේශකට වෙඩි තැබූ කොළොන්නාවේ චතු අල්ලයි

Admin

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට තිළිණ වන නවතම පුවත් කළාපය Ceylon UK News අද සිට

colombotoday