Colombo Today Local News

“විල්පත්තු කැලේ කපන ඇමතිලාට නැති නීතියක් භික්ෂූන් වහන්සේලාට ක්‍රියාත්මකයි” – විමල්

wimal 232

විල්පත්තු කැලේ ශුද්ධ කරන ඇමැතිවරුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන නීතිය රටේ භික්‍ෂූන් වහන්සේලාට ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි (එජනිස) කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.

කථානායක කරු ජයසූරියගේ අවසරය මත නැගී සිටි විමල් වීරවංශ මහතා ‘මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා පන්සලේ අලි පැටියෙක්‌ තබා ගත්තා කියලා.’ විල්පත්තු කැලේ ශුද්ධ කරන ඇමැතිවරුන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ. රටේ භික්‍ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගන්නවා.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල: දැනුයි අපි දැනගත්තේ. සොයා බලා ප්‍රකාශයක්‌ කරන්නම්.

විමල් වීරවංශ: පොලිසිය භාර ඇමැතිතුමා ඉන්නවා. එතුමාට නොදන්වා මෙවැනි දෙයක්‌ සිදුකරන්නේ නෑ.

ඇමැති සාගල රත්නායක: කරුණු සොයා බලලා ප්‍රකාශයක්‌ කරන්නම්.

Related posts

ළමා හා මාතෘ මන්දපෝෂණය ගැන අද පාර්ලිමේන්තු විවාදයක්

colombotoday

වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි : පවතින ලියාපදිංචිය වෙනස් කරන්න ගාස්තු ඉල්ලයි

Admin

කැබිනට්, රාජ්‍ය ඇමතිලා 30 කට යනෙන මං නැතිවෙයි

colombotoday

සිරිකොත පක්ෂ මූලස්ථානය උණුසුම් වෙයි

colombotoday

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා

colombotoday

වසර 68කට පසු සුපිරි සඳක් පායයි !

colombotoday