Colombo Today Local News

” පැන්ඩෝරා මෙන්ම පැනමා හෙළිදරව් කර ඇති අය ගැන තරාතිරම නොබලා සොයන්න “

පැන්ඩෝරා සහ පැනමා පත්‍රිකා මගින් හෙළිදරව් කොට ඇති නීති විරෝධී අයුතු විදේශ ආයෝජනයන් හා තැන්පතු කරුවන් පිළිබඳව තරාතිරම නොබලා පරීක්ෂණයක් කොට ඔවුනට විරුද්ධව කටයුතු කරන්නැයි “රට රකින ජන හඬ” සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් පවසන්නේ පැන්ඩෝරා පත්‍රිකා මගින් නම හෙළි වූ තිරු නඩේෂන් මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියම කිරීම අගය කරන බවයි.

එමෙන්ම නීති විරෝධී ලෙස විදේශ වත්කම් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයන් 93 දෙනකුගේ නම් පැන්ඩෝරා පත්‍රිකාවල ඇතුළත් බව මාධ්‍යයන්හි පළවී ඇති හෙයින් විමර්ශන එක් පුද්ගලයකුට සීමා නොකර ඉහත සියලුම දෙනා සඳහා පරීක්ෂණ අරඹන ලෙස ද මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියෝ ඉල්ලා සිටිති.

Related posts

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මත වෙයි

colombotoday

දිවයින පුරා වෛද්‍යවරු අද විරෝධයක

Admin

සරසවි ආචාර්යවරු ත් අද වර්ජනයක

colombotoday

ඇමති චම්පික හා කොළඹ නාගරික මන්ත්‍රීවරුන් අතර ගාලගෝට්ටියක්…

colombotoday

රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්: දිස්ත්‍රික්ක 5කට පැනවූ නාය යාමේ රතු නිවේදන තවදුරටත්

colombotoday

අන්තවාදී අරාබිකරණය නවතනු !.. කොටුවේ විරෝධතා (Video)

colombotoday