Colombo Today Local NewsHot News

රට දෙකඩ කරන ක්‍රිස්තියානි මූලධර්මවාදී මෙහෙයුම ගැන හින්දු සම්මේලනය කතා කරයි

hindofs

බොදු බල සේනා, රාවණ බලය වැනි සිංහල බෞද්ධ සංවිධාන තහනම් නොකළොත් මෙරට යළිත් යුද්ධයක් ඇතිවිය හැකි බැවින් වහාම එම සංවිධාන තහනම් කළ යුතු බවට “යාපනය කතෝලික පූජකවරුන්ගේ සංගමය” පසුගියදා කළ ප්‍රකාශය සමස්ථ ලංකා හින්දු සම්මේලනය හෙළා දැක තිබෙනවා.

Colombotoday සමග අදහස් දක්වමින් හින්දු සම්මේලනයේ සභාපති එන් අරුන්කාන්තන් මහතා සදහන් කළේ බෙදුම්වාදය නිර්මාණය කර ‍පෝෂණය කළේත්, අහිංසක දෙමළ ජනතාව ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්කළෙත් ක්‍රිස්තියානි කතෝලික මූලධර්මාවාදය විසින් බවයි. එබැවින් අදටත් මේ රට දෙකඩ කිරීම සදහා සෘජුවම පෙනී සිටින මෙම ක්‍රිස්තියානි, කතෝලික පූජකවරු මුල්කරගත් මූලධර්මවාදී සංවිධාන විසින් සිංහල බෞද්ධ සංවිධාන තහනම් කිරීමට ඉල්ලීම විහළුවක් වන බව අරුන් කාන්තන් මහතා පවසනවා.

උතුරේ අහිංසක හින්දු තරුණයන් දකුණේ සිංහල ජනතාවට එරෙහිව අවුලවා, ලක්ෂ ගණනාවක් හින්දු දමිළ සිංහල තරුණ ජීවිත විනාශ කිරීම සදහා මග පෑදූවේ සැමුවෙල් ජේම්ස් චෙල්වනායගම් වැනි ක්‍රිස්තියානි මූලධර්මවාදී දමිළ දේශපාලකයන් බවත් ඔහුගේ බෙදුම්වාදී දේශපාලනය ඇන්ටන් බාලසිංහම් වැනි පල්ලියේ අනුග්‍රහය ලැබූ න්‍යායාචාරීන් විසින් ත්‍රස්ථවාදයකට පරිවර්ථනය කළ බවත්, රාජයප්පු ජෝශප්, එම්මානුවෙල් ඇතුළු පූජකයන් සන්නද්ධ ත්‍රස්තවාදයට මතවාදීමය අනුග්‍රහය දක්වමින් අද දක්වා ක්‍රියාත්මකව සිටින බවත් හින්දු සම්මේලනය පෙන්වා දෙනවා.

බෙදුම්වාදී ත්‍රස්තවාදය හරහා හින්දු දමිළ සමාජයේ පදනම විනාශ කර දැමූ කතෝලික, ක්‍රිස්තියානි මිෂනාරි මූලධර්මවාදීන් “යුද්ධය හා සාමය” මුවාවෙන් උතුරු නැගෙනහිර හින්දු දමිළ සමාජය ක්‍රිස්තියානිකරණය කර ඇති බවද හින්දු සම්මේලනය දැඩි ලෙස චෝදනා කරනවා.

“ක්‍රිස්තියානි, කතෝලික පල්ලියේ බෙදුම්වාදී ව්‍යාපෘතියට එකම බාධාව වන්නේ මෙරට ජාතික ව්‍යාපාරයවලට නායකත්වය දෙන භික්ෂූන් වහන්සේලා වන බැවින් උන්වහන්සේලාට එරෙහිව ඕනෑම ආකාරයකින් ක්‍රියාත්මක වීමට ඔවුන් කටයුතු කරන බවද හින්දු සම්මේලය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

තවද මෙරට බෞද්ධ සංස්කෘතික පදනම විනාශ කිරීම සදහා බ්‍රිතාන්‍ය, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් ක්‍රියාත්මක සිටින බවත්, ඔවුන්ගේ මෙම අරමුණ ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ අරමුදල් මත යැපෙන පූජකවරුන් ප්‍රමුඛ මූලධර්මවාදී සංවිධාන බවත් බෞද්ධයන් සහ හින්දුන් ක්‍රිස්තියානිකරණය කර ඔවුන්ගේ අක්මුල් සිද දමා මේරට බටහිරගැත්තන්ගේ කොළණියක් බවට පත් කිරීමේ අරමුණින් ඔවුන් ක්‍රියාත්මක වී සිටින බවත් හින්දු සම්මේලනය අවධාරණය කරනවා.

Related posts

රිෂාද් බදුයුදීන් ද අත්අඩංගුවට ගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න – ඥානසාර හිමියෝ කියති

colombotoday

අග්බෝ රජු තැනූ මුලතිව් කුරුඳුමලේ විහාරය පිළිසකර කිරීමට TNA එරෙහි වෙයි…

colombotoday

“හිටපු ජනපති මහින්ද ජාතික නායකයෙක්.. නව ව්‍යස්ථාවට ඔහුගේ සහය අත්‍යවශ්‍යයි” – සම්බන්ධන්

colombotoday

IMF නියෝජිතයින් අද දිවයිනට

colombotoday

හෙට (29/සඳුදා) යලිත් මහවැසි!

colombotoday

දූෂිතයෙක් සභාපති කරයි?

Admin