Colombo Today Local News

සියලුම කෞතුකාගාර සංචාරකයින්ට යළි විවෘත කරයි

කොවිඩ් -19 වසංගත උවදුර හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතී හේතුවෙන් මෙතෙක් මාස ගණනාවක් දෙස් විදෙස් සංචාරකයින් සඳහා වසා තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන පෙර පරිදි සංචාරකයින් සඳහා නැවත විවෘත කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පවසයි.

ඒ අනුව සංචාරකයින්ගේ ආකර්ශනීය ස්ථාන ලෙස ප්‍රචලිත පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර, අනුරාධපුර ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන දිවයිනේ සියලුම කෞතුකාගාර සහ ව්‍යාපෘති සෞඛ්‍යය නීති රීති හා මාර්ගෝපදේශ ප්‍රකාරව සහ අදාල චක්‍රලේඛ වලට අනුගතව ඊයේ (14)දින සිට විවෘත බවද හෙතෙම කියයි.

තවද ලෝක උරුම කලාපයක් වන ගාලු කොටුවේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ එකම සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ප්‍රථම එළිමහන් විවෘත කෞතුකාගාරය වන ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමියේ පිහිටි කෞතුකාගාරය, දඹුල්ල බිතුසිතුවම් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ ජේතවනය,අභයගිරිය සීගිරිය,මහනුවර, පොළොන්නරුව, කතරගම,යාපහුව, රත්නපුර ,මොණරාගල ,නාමල් උයන, ත්‍රිකුණාමලය, දඹදෙණිය ,රිදී විහාරය, යාපනය, රම්බා විහාරය යන ස්ථානයන් හි පිහිටි සියලුම කෞතුකාගාර ද දෙස් විදෙස් සංචාරකයින් සදහා විවෘත යැයිද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

චතුරගේ, අරලිය මැදුරේ මගුල ගැන අගමැතිගෙන් නිවේදනයක්…

colombotoday

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

Admin

පොලිස් නිලධාරින් 19 කට ස්ථාන මාරුවීම්

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්

colombotoday

මත්ද්‍රව්‍ය සමග තලවතුගොඩ බොත්තමා අත්අඩංගුවට

colombotoday

ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට ගුවන් හමුදාව යෙදවීමට යයි.

colombotoday