Colombo Today Local News

නීතිපතිගෙන් පොලිස්පතිට චෝදනා

බන්ධනාගාරය තුළ සිරකරුවන් අඩු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මාර්ගෝපදේශ සහ උපදෙස් අවස්ථා දෙකකදී තමන් පොලිස්පතිවරයාට ලබාදුන් බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසයි.

තමා එම උපදෙස් පළමුව පසුගිය අප්‍රේල් මාසයේ ලබාදුන් බවත් එය ක්‍රියාත්මක වුයේ නම් මහර බන්ධනාගාර ගැටුම සිදුනොවීමට ඉඩතිබූ බව ඔහු පැවසීය.

නව නීතිපති දෙපාර්තමේන්තු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නීතිපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ අසල අධිකරණ මාවතේ ඉදි කර ඇති නීතිපති දෙපාර්තමේන්තු කාර්යාලය අද උදෑසන අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ නීතිපති දප්පුල ලිවේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

එම අවස්ථාවේ අදහස් දක්වමින් නීතිපති දප්පුල ද ලිවේරා පැවසුවේ, “මම මේ වසංගත සමයේ පොලිසියට අවස්ථා කිහිපයකදී උපදෙස් ලබාදුන්නා. අවස්ථා දෙකකදී බන්ධනාගාරයේ සිටින වැඩි පිරිස අඩු කරන්න කියලා. මම අප්‍රේල් මාසයේදී ඉතා තදින්ම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන ලෙසට. නමුත් පොලිස්පතිවරයා විසින් ඒ මාර්ගෝපදේශ හා උපදෙස් කිසිවක් ක්‍රියාවට නංවා නැහැ ඊට හේතුව මට අපැහැදිලියි. නැවතත් මම ඒ ගැන විමසුවා ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මගෙන් ඉල්ලීමක් කළා පොලිසියට උපදෙස් ලබාදෙන්න බන්ධනාගාරයේ සිටින වැඩි පිරිස අඩු කිරීමට. එම උපදෙස නොවැම්බර් මස අග වන විට ක්‍රියාවට නංවනු ලැබුවා. නමුත් අවාසනාවට මේ සිදුවීම ඇති වෙන්නේ නැහැ මගේ උපදෙස අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක කළා නම්. මම දුන්නේ විස්තර සහිත උපදෙස්,” යනුවෙනි.

Related posts

ප්‍රේමලාල් අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කල හිටපු පොලිස් ලොක්කෙකුට වසර 5ක සිර දඬුවමක්

Admin

බස්නාහිර පාසල් වල වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට විෂයන් කල් යයි

Admin

බන්දුල රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ශ්‍රී ලංකාවේම නිපද වූ Quadricycle රථය ළගදීම වෙළදපොලට !

colombotoday

රේගුව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අප්‍රසාදය

Admin

උද්ඝෝෂණයකදී පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් ඇසක් අන්ධ වු සෙබලා රජයෙන් වන්දි ඉල්ලයි

colombotoday