Colombo Today Local News

“අපේ ළමයින්ටත් පන්න පන්න ගැහුවා.. අපි ඉන්නේ බයෙන්” ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය ගැන කොටහේ‍නේ හින්දු ජනතාව කියයි

kotahena 2332

කොටහේන බාබර් වීදියේ ශ්‍රී ශ්‍රී මුනියන්ඩි මුත්තුමාරි අම්මාන් කෝවිලට පෙරේදා රාත්‍රියේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබුණා. මුස්ලිම් පිරිසක් සහ මුස්ලිම් පාතාලයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ මහා ශිව රාත්‍රී පූජාව පැවැත්වීම සදහා සූදානම් කර තිබූ වේදිකාව කඩා බිද දමා සිය දරුවන්ටද පහර දුන් බවයි හින්දු කෝවිලේ භාරකරුවන් පවසන්නේ.

පිටස්තරව පැමිණි මුස්ලිම් පිරිසක් මෙසේ පහරදුන් බවත් ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් තමන් භීතියට පත්ව සිටින බවත් ඔවුන් පවසනවා.

මින් පෙර අවස්ථා දෙකකදීම එම කෝවිලේ වේල් උත්සවයට අසල මුස්ලිම් පල්ලියෙන් බාධා එල්ල වී තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මස වේල් උත්සවය පැවැත්වීමට සූදානම් වෙත්දී “මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශයක හින්දු උත්සව පැවැත්වීමට ඉඩ දිය නොහැකි බව” සදහන් කරමින් මුස්ලිම් පල්ලියේ පිරිස විසින් හින්දු කෝවිලේ භාරකරුවන්ට පහරදී ආගමික ගැටුමක් ඇවිලවීමට කටයුතු කර තිබුණා.

මෙම කෝවිල වසර 30කට වඩා පැරණි එකක් වන අතර එවකට හින්දු ජනතාව බහුතරයක් වූ මෙම ප්‍රදේශයේ මේ වන විට හින්දු ජනතාව සුළුතරයක් වී ඇති අතර බහුතර මුස්ලිම් පිරිසගෙන දිගින් දිගටම හිරිහැර සිදුවන වන බවයි පැවසෙන්නේ. මෑතක ඉදිකර ඇති මුස්ලිම් පල්ලියේ ගෞරවයට හින්දු කෝවිල බාධාවක් වන බැවින් කෝවිලේ සංවර්ධන කටයුතු කිරීමට මුස්ලිම් පල්ලියේ භාරකරුවන් ඉඩ නොදෙන බවත්, කෝවිල ඉවත්කර ගන්නා ලෙස දිගින් දිගටම එල්ල වන තර්ජණ හමුවේ තමන් දැඩි භීතියට පත්ව සිටින බවත් කොටහේන බාබර් වීදියේ හින්දු ජනතාව පවසනවා.

 

අන්වාදීන්ගේ බාධා කිරීම් මධ්‍යයේ කොටහේන හින්දු කෝවිලේ තේරු පෙරහැර

Related posts

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට

colombotoday

“ලංකාවේ සිංහලයන්ට කලින් දමිළයන් සිටියා.. DNA වලින් ඒ බව තහවුරු වුනා..” විග්නේෂ්වරන් ඉන්දියාවේ දී කියයි

colombotoday

යුද්ධයෙන් මියගිය කතා නවතා ගංවතුරින් විපතට පත් ජනතාවට පිහිට වෙන්න යුද හමුදාපති ඩයස්පෝරාවට කියයි

colombotoday

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට

colombotoday

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි

colombotoday

උතුරු නැගෙනහිර සෑම විහාරස්ථානයකටම හමුදා ආරක්ෂාව

colombotoday