Uncategorized

තණමල්විලදී කැබ් රථයක ගැටුණු මුවෙක් මරුට

වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක මුවෙකු ගැටීමෙන් රිය අනතුරක් සිදුවී තිබේ.

මාර්ගය හරහා එක්වරම මුවා මාරුවීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේ දී මෙම අනතුර සිදුවී ඇති බවවාර්තා වේ.

අදාළ අනතුරින් මුවා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර කැබ් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ මොණරාගල සෞඛ්‍ය සේවා කාර්යාලයට අයත් කැබ් රථයකි.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – පළමු කොටස

colombotoday

සරසවි සිසුන්ටත් බූස්ටර් එන්නත

colombotoday

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

colombotoday

දුම්රිය ගාස්තු වැඩිවීමක් නැහැ

colombotoday

“බලය ඇති විට ජනතා සහය නොපතා, බලය නැති විට ජනතා සහය පැතීම නොකර අර්බුදය ජය ගැනීමට කටයුතු කරන්න.” – ශ්‍රී පාදස්ථානාධිපති හිමි

colombotoday

ෆේස්බුක්වලට රැවටී ජන.8 කරගත්තේ මෝඩකමක්, ජනතාව අද පසුතැවෙනවා

colombotoday