Colombo Today Local NewsUncategorized

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ ජනතාවට දැනුම්දීමක්

මෙතෙක් කොවිඩ් මර්දනය සඳහා වන කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් කොළඹ නගරයේ පදිංචි අවුරුදු 30 වැඩි පුද්ගලයින් එන්නත්කරණ වැඩසටහන අද (13)දිනයේත් උදෑසන සිට මිහිජය සෙවන, රන්දිය උයන ප්‍රජා ශාලාවේදී හා දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී පැවැත්වේ.

කොළඹ නගරයේ ජනතාවට අද උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා කාලය තුළදී එම මධ්‍යස්ථාන දෙකින් එකක් වෙත පැමිණ එන්නත ලබා ගත හැකි ය.

ප්‍රජා පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් හා කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය අංශ එක්ව මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි.

මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණය සඳහා 1906 සහ 0112- 860 002, යන ක්ෂණික ඇමතුම් අංක ඔස්සේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධයස්ථානය ඇමතීමෙන් මෙම සේවාව ලබාගැනීම සඳහා ලියාපදිංචි විය හැකියි.

යුද හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහන අද (13)දුන විහාරමාහාදේවි උද්‍යාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක වේ.

Related posts

The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – පළමු කොටස

colombotoday

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුව : තීන්දුව කල් යයි

colombotoday

කඩිනමින් එන්නත් ක්‍රියාවලිය සිදු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

colombotoday

ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස ව්‍යාපෘතියේ වැඩ නැවතුණු ගෙවල් හදන්න මිලියන 751ක්

Admin

ජනපති මෛත්‍රී අපිව විනාශ කළා – විජයකලා

colombotoday

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය…

colombotoday