කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා ගොවීන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.
කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැනට යොදාගන්නා ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිමයකට යටත්ව හෙක්ටයාර දෙකක් සඳහා දිරි දීමනාවක් ගෙවීමටයි කැබිනට් අනුමැතිය හිමිව තිබේ.