පාසල,අධ්‍යාපනය, ළමයින්, ක්‍රීඩාව හා මහත්වරුන්ගේ ක්‍රීඩාව වු ක්‍රිකට් ක්‍රීඩාවට ද බරපතළ හානියක් සිදුකරන පාසල් ක්‍රිකට් තරඟ සංස්කෘතිය අපේ රටේ තවත් එක් උප සංස්කෘතියක් වශයෙන් හැඳින්විය හැකිය.
ශ්‍රී ලංකාවේ මේ දවස්වල ප්‍රධාන පාසල් අතර අන්තර් පාසල් මහා ක්‍රිකට් තරඟ පැවැත්වේ. මේ වන විට බොහෝ නගරවල පාසල් ක්‍රිකට් තරඟ පැවැත්වීමට නියමිතව ඇත. මහා ක්‍රිකට් තරග ගැන අමුතුවෙන් කිව යුතු නොවන්නේ වසර 100 ට වඩා පැරණි පාසල් මහා ක්‍රිකට් තරග පැවැත්වීමට තරම් අපේ රටේ පාසල් ක්‍රිකට් තරඟ ඉතිහාසය දිව යයි.
මෙය වසරකට වරක් පාසලේ සිදුකරන සැණකෙළිකි.නැතහොත් මහා මාර්ග සංදර්ශනයකි. නැතහොත් අමු විගඩමක්ද වේ. මෙය සත්තකින්ම පාසල් දෙකක් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයකි. මෙහි අදහස නිවැරදි වුවද මහත්වරුන්ගේ ක්‍රිඩාවට මුවා වී අපේ රටේ සිංහල මහත්වරුන්ගේ පුතාලා සිදු කරන නෝටි වැඩගැන දැකීමේ දී ඒය ක්‍රිඩාවටද සිදු කරන අවමානයක් දැයි සිතේ.
වර්තමාන සිසුන් හා ආදී සිසුන් සිය පාසලේ මහා ක්‍රිකට් තරඟ පැවැත්වෙන දිනවලට පාසලේ ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමට පෙළගැසෙන්නේ ආඩම්බරයෙනි. මෙම අවස්ථාව ආදී සිසුන්ට සිය මිතුරන් සමඟ කාලය ගත කිරීමට ලැබෙන අපූරු සොඳුරු අවස්ථාවකි.පාසල් නිල ඇඳුම හෝ වෙනත් ඇඳුමක් සහිතව කුමාරයන් මෙන් නගරයේ හැසිරීමට ඇත් අවස්ථාව මෙහිදි සිසු දරුවන්ට උදාවේ. අපේ දරුවන්ගේ භාෂාවට අනූව නම් උපරිම ෆන් එකක් ගත හැකි කාලයකි.මෙවරද මහා ක්‍රිකට් තරඟ ජනප්‍රිය පාසල්වල නගරවල පැවැත්වේ.
මෙහි දී දැකිය හැකි කරුණක් වන්නේ, පාසල් සිසුන් බොහෝ පිරිසක් සිය ප්‍රථම මද්‍යසාර හා සිගරට් අත්දැකීම ලබාගන්නේ මේ පාසල් අන්තර මහා ක්‍රිකට් තරගවලදී ය. එය ඉතිහාසයේ සිට මේ දක්වාම දැකිය හැකිය. පාසල් දරුවන්ට සිගරට්, අරක්කු හා බියර් භාවිතය සතුටුදායක දෙයක් ලෙස හුවාදැක්වීමට මහා ක්‍රිකට් තරග සංස්කෘතිය බෙහෙවින් ඉවහල් වූ බව නම් කිව යුතුමය.
අදාළ සමාගම් පාසල් මහා ක්‍රිකට් තරඟ තුළ යම් ස්ථානයක් තහවුරු කරගැනීමට හැකි වන පරිදි කටයුතු කිරීම දක්නට ලැබේ. පාසල් දරුවන්ට පළමු බියර්, අරක්කු මෙන්ම සිගරට් හෝ ගංජා පාඩමද පාසල් සිසුන් ඉගෙන ගන්නේ මෙහි දීය.
සිගරට් පැකට් වර්ග අසළ වෙළෙඳ සැල්වලද, දැකිය හැකි අතර ඒවා ලබාදෙන්නට වෙළඳාම්කරුවන් කටයුතු කරයි. කිසියම් පුද්ගලයෙක් විසින් ක්‍රීඩාංගණය තුළට හිතාමතාම සිගරට් ගෙන ඔනෑම අයකුට භාවිතා කිරීමට හැකිවන ලෙස තැබීම සිගරට් කර්මාන්තයේ කූට උපායක් වන්නට හැකිය. ලෝකයේ සිගරට් හෝ මද්‍යසාර වැනි දෑ ඵලදායීව අවම කිරීම උදෙසා අනුගමනය කරන ක්‍රීයාමාර්ග ලෙස සැලකෙන්නේ ඒවායේ මිලග ණන් සාමාන්‍ය ජනයාට මිලදී ගැනීමේ හැකියාවෙන් එහා මට්ටමකට ගෙනයාම හා භාවිතයට අපහසු වටපිටාවන් ඇතිකිරීම යන ක්‍රමවේදයි. අද ලංකාවේ රුපියල් තිස් පහ දක්වා සමහර දුම්වැටිවල මිල ඉහළ දමා ඇති අතර විවිධ නම්වලින් විවිධ ආකාරයෙන් විවිධ මිල යටතේ දේශීය හා විදේශිය දුම්මැටි දැකිය හැකිය.
මත්ද්‍රව්‍ය භාවිතයෙන් ගත සිත මත්කරවාගන්නාවු දරුවෝ යක්ෂයෝ මෙන් බලා සිටිති. තරඟයේ ජය පරාජය විද ගන්නට මෙහි දි නොහැකිය ඒ නිසා පාසල් ක්‍රිකට් තරඟ අවසන් වන්නේ මහා ගැටුමකිනි. පොලිසිය ක්‍රීඩා පිටියට එන්නටද කදුළු ගෑස් ගෙන එන්නට ද සිදුවන අවස්ථා අප දැක තිබේ.
කිසිදු මාර්ග නිතියක් ගනණන් ගන්නේ නැතුව රියදුරු බලපත්‍ර ඇතිව හෝ නැතිව අධිවේගයෙන් මර හඬ තලාගෙන කෑකෝ ගහගෙන ගමන් කරන්නේ ප්‍රධාන මාර්ගවලය. එවිට මෙම මාර්ග බදුගෙන ඇත්තේ මේ පාසල් සිසුන්ය. තම ගෙදර වාහනය හෝ තම ඥාතියකුගේ වාහන දෙමාපියන්ගේ කැමැත්තෙන් හෝ අකමැත්නේ ගන්නා පාසල් දරුවෝ තම තමාගේ පාසලේ කොඩිය ප්‍රදර්ශනය කරමින් පාරපුරා යන්නේ අනෙක් රියදුරන්ටද, මගින්ටද හිරිහැර වන ආකාරයෙනි. විවිධ සංගිත භාණ්ඩ ද, විවිධ වෙස් මුහුණු හා කාන්තාවන්ගේ හෝ ගැහැණු ළමුන්ගේ විළාසිතා සහිතව ඇඳුම් වලින් සැරසී ගමන් කරන්නේ තමාට අම්මා කෙනෙක් සහෝදරියක් සිටිනවා ද කියා පවා අමතක කරවන ඉතාම අශෝභන ආකාරයෙනි.
බිග් මැච් සීසන් එකේ කළ පිස්සු වැඩ අදටත් අපට මතකය. එදා ඒ පෙරදවස මෙන් පාසල් සිසුන් හැට් කලේක්ෂන් දමන ආකාරයක් අද දක්නට නැත. එදා හැට් කලෙක්ෂන් දමා එකතු කළ මුදල්ද සමහර විට අරක්කු, බියර් හෝ සිගරට් මිලදී ගැනීමට යොදාගන්නා ලදී. අද වන විට මද්‍යසාර හෝ සිගරට් ගැනීමට තියා කෑම බීම සපයා ගැනීමටවත් එසේ කලෙක්ෂන් දැමීම නොකරන පාසල් සිසුන් මහා තරඟ දිනයේදී පිට්ටනියේ දීම ඒවා භාවිතා කරනු දක්නට ලැබේ.
සමහර සිසුන් සිය දෙමාපියන්ගේ මුදල් වලින් ඒ සියලු අවශ්‍යතා සපුරා ගන්නවා ඇතැයි සිතිය හැකිය. මෙවන් අවස්ථාවන් වලදී කිසිසේත්ම අරක්කු හෝ බියර්, සිගරට් බීමට කිසිදු අවශ්‍යතාවක් නැතිව මහා ක්‍රිකට් තරගයට සහභාගි විමට පැමිණි බොහෝ සිසුන්ට පවා ඒවා බොන්න සිද්ධ වෙන වටපිටාවක් දැකිය හැකිය.
අද වන විට මෙම තත්ත්වය තවත් වඩා වර්ධනය වී ඇති බවක් පෙනේනට තිබෙන්නේ ආදී සිසුන්ට වෙන්කර ඇති ප්‍රදේශයේ බියර් හා අරක්කු භාවිතයට පහසුකම් සපයා ඇති නිසයි. තවද මේ වන විට ආදි ශිෂ්‍ය සංගම් හරහා බියර් අතීතය සුන්දරය. මේතරම් බිලම්බීතයක් වුයේ නැත. පුංචි කාලයේ නම් ස්කූල් බස් එකේ දමාගෙන යන්න ලොකු කොඩියක් දමයි. දැන් නැන් නම් අපේ මගේ වාහනයේම කොඩියක් දමාගෙන යන්නේ මම ගිය පාසල මේක තමයි කියනාමෙන් මහත් ආඩම්භරයෙනි.
අපේ පාසල් දරුවෝ ට්‍රක් ගියා හැට් කලෙක්ෂන් දැම්මා,ගෑණු ස්කෝලවලට පැන්නා, සයිකල් පෙරඞ් ද, මෙයට අමතරව, ක්‍රිකට් සූනියර් එකේ කාටුන් ද, කවි විරිඳු ,ආදි සියලුම පිස්සු වැඩ ඔක්කොම සිදු කරයි. මෙය සිදු කළයුතු නැන්ද යන්න නොව මේවායේ සීමාවක් තිබෙන්නේ නම් වැදගත්ය. මේවන විට මහ පාරේ අපේ පාසල් දරුවෝ තොරාගන්නේ, ට්‍රක් හද්ද පරණ ලොරිභාග.ඉස්සරහින් මල් වඩමක් ගහලා, කොළ අතු ඉති දමලා මහ වනයක් සිදු කරන්නේය. පපරේ සංගිතයෙන් ප්‍රදේශයම දෙවනත් වන්නටද කරන්නටද අපේ පාසල් දරුවෝ වග බලා ගනිති.
මෙහි දී පොලිසියට හෝ ආරක්ෂක අංශවලට කළ හැකි දෙයක් නොමැත. ඒ මේ දරුවෝ ලොක්කන්ගේ දරුවෝය. ධනපතියන්ගේ දරුවෝය නීතිය ක්‍රීයාත්මක කළ හොත් පොලිස් නිලධාරිවරුන්ගේ තරුපටි ගලවෙන බව අප සමඟ නගරවල සේවයේ නියුතු පොලිස් නිලධාරිහු පැවසුහ.එය සත්‍යයකි.
අනෙක් හිංසාකාරි මෙන්ම දරුවන්ගේ ආරක්ෂාවටද තර්ජනයක් වන්නාවු කතාන්දරය වන්නේ නගරයේ විදුලි කණුවල උස ගොඩනැගිලිවල,මෙන්ම අහස පොළොව කඳු මුහුද ජලාශ ආදියෙහි නැඟ තම තමන්ගේ පාසල්වල කොඩි ගැට ගසන්නට වීමයි. මෙහි දී සිදුවන අනතුරු වාගේම සමහර පොදු දේවල හා පොදු ස්ථාන අපවිත්‍ර කිරීම හා කඩා බිඳදමා කටයුතු කරන්නට ද මේ පාසල් ළමයින් කටයුතු කරයි.
එයට විරෝධය දැක්වුව හොත් අමුකුණු හර්පයෙන් සංග්‍රයක් සිදුකරන්නට අපේ රටේ වැදගත් පාසල්වල වැදගත් දෙමාපියන්ගේ සමහර දරුවෝ කටයුතු කරති.මුදල් සම්මාදමේ යන පාසල් දරුවෝ බලහත්කාරයෙන් ද මුදල් ඉල්ලන අවස්ථාවන් අපට මේ දිනවල රටපුරා පාසල් ක්‍රිඩා තරඟ සංවිධානය කරන නගරවල දී දැකිය හැකිය.
සීමිත ඕවර් ක්‍රිකට් එක්දින ක්‍රිකට් ලෙසද හඳුන්වන අතර ඉතා සුළු වෙනසකින් පමණක් එය ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෙනස් වේ. ටෙස්ට් සහ පළමු පන්තියේ ක්‍රිකට් තරඟ සඳහා දින 5ක් පමණ ගත වේ. නමින් සඳහන් වන පරිදිම එක් කණ්ඩායමකට බෝලය පිරිනමනු ලබන්නේ සීමිත පන්දු වාර ගණනකි. කෙටි හෝ දීර්ඝ වශයෙන් එය ක්‍රීඩා කිරීමේදී පන්දු වාර ගණන 20 ත් 50 ත් අතර වේ. වැදගත් එක්දින තරඟ අන්තර්ජාතික සහ ගෘහස්ථ ක්‍රිකට් දින 2 ක් පවත්වයි. දෙවන දින අමතර දිනයක් වන අතර එදින තරඟ වාරය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙනුයේ පළමු දින ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකිවුව හොත්ය.
පාසල් අතර සුහද ක්‍රිකට් තරඟ වලින් ඇති වන සුහද වලි සාමාන්‍යයෙන් පාසල් අතර සුහද ක්‍රිකට් තරඟාවලි පවත්වන්නේ පාසල් අතර සුහදත්වය වැඩි දියුණු කිරීම සඳහා වුවත් අද නම් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ව තිබේ.හැම තරඟයක් අවසානයේම පාසල උදෙසා ගහගැනීමට යාම සාමාන්‍ය සිරිතය.
ඇත්තටම ගහ ගැනීම තුළින් ඔවුන් බලාපොරොත්තු වෙන දේ ලැබෙනවද,ආතල් එකක් ගන්න ගහ ගැනීම, ආවේගය පිට කිරීම,සාධාරණයක් උදෙසා සටන් කිරීම,පාසල් කාලය තුළ ඇති වන රණ්ඩු බොහොමයක් බිග් මැච් හෝ ආදර සම්බනධතාවයක් පාදක කරගත්ත ඒවාය.එය පුංචි සිද්ධියකි.
ක්‍රිකට් බිග් මැච් වසන්ත කාලය මේ දිනවල දී මේවා දැකිය හැකිය. බිග් මැච් කාලය ම පිස්සුවකි. ඊට වර්තමාන සිසුන් හෝ ආදි සිසුන් කියා වෙනසක් නැත. එසේ ම කොල්ලන් මෙන් ම කෙල්ලන් ද කියා වෙනසක් නැත. ඊට වයස් භේදයක් ද නැත. එය නම් පුදුම උන්මාදයකි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන්නේ කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර තරඟයයි. අප රටෙහි ඇති විවිධ උප භාෂා සංස්කෘති අනුව මේ බිග් මැච්වල ද ඇති වචන කිහිපයකි. පරිප්පුවන්, ඇරෝ එකක් ඇරෝ ලණුව උඩින් ඇරෝ ය. බෝලරයා, වානරයා ය. කීපරයා, බෝක්කුවා ය. ලෑල්ලේ ආදි දේය.
පාසල් ආදි ශිෂ්‍යයන් මේ කාලයට නිවාඩු දාගෙන පැරණි සෙට්එක හමුවන්නේ මේ කාලයේය. ඒ අයද පාසල් වයසේ සෙස්සෝ ද වැඩිදෙනෙක් සිටින්නේ වලියක් එන තුරුය.නැතිනම් වලියක් ඇති කරන මානසිකත්වයෙන්ය. මේ නිසා මේ බිග් මැච් සංස්කෘතිය අප විසින් නිවැරදිව හඳුනාගත යුතුය. නැතිනම් බිග් මැච් ඉතිහාසයකට කළු පැල්ලම් එක්වීමට මේ යන ආකාරයට වැළැක්වීමට නොහැකි වනු ඇත්තේය.
ඒ නිසා බිග් මැච් යහපත් සංස්කෘතියක් බිහි කිරීමට උත්සාහ කරමු. අවුල් වියවුල් නැතිව අප මේවරද පාසල් බිග්මැච් බලමු.
(Ada Derana)