Colombo Today Local News

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම අගෝස්තු මස 31 වනදා දක්වා තාවකාලිකව ඉවත්කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති වශයෙන් කටයුතුකරමින් සිටියදී රුපියල් මිලියන පහක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණයකළේ යැයි චෝදනාකරමින් ගොනුකර තිබූ නඩුවක් අද (13)දින විභාගයට ගත් අවස්ථාවේදී එම නියෝගය කොළඹ මහාධිකරණය මගින් ලබා දී ඇත.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා සඳහන් කර සිටියේ විදේශ ගමන් තහනම ඉවත්කරමින් නිකුත්කළ නියෝගය සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා දැනුවත්කිරීමට පියවරගන්නා ලෙසය.

Related posts

මිරිස්කුඩු ගසා ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 45ක් කොල්ල කාලා

Admin

හම්බන්තොට ගැන රජයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට

colombotoday

බැදුම්කර මගඩිය මහින්දගේ කරේ එල්ලයි.. අරුම පුදුම ගැසට් එකක් එළියට !

colombotoday

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තල මළුවේදී

colombotoday

බටහිර දොස්තරලාට බෙහෙත් නෑ. ඔවුන් හොරෙන් දෙන්නේ ආයුර්වේද බෙහෙත්. – ආයුර්වේද දොස්තරලා කොරෝනා නසන්න අවස්තාව ඉල්ලති.

colombotoday