ඉදිරියේදී ගොඩනැගීමට නියමිත නව දේශපාලන ව්‍යාපාරයක නායකත්වය ගැනීමට ආරාධනා ලැබුණොත් තමන් ඊට අකමැති නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. බරපතල දූෂණ වංචා සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීම සදහා ඊයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
එසේම ඒ ගැන කේන්දරයේ නම් සටහන්ව නැති බවත්, අද කේන්දරකාරයින් කියන ඒවා පිළිගත නොහැකි බවත්, තමන් ඔය කියන අයගෙන් කේන්දරේ බලාගෙන නැති බවත්, ඒ මහතා පැවසීය.
හිටපු ජනපතිනියගේ රෙදි ගලවනවා කියූ අයත්, සිටින වත්මන් දේශපාලනයේ හැටි මෙය බවද පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ඔවුන් දැන් ඉන්න කෙනාගේද රෙදි ගලවනු ඇති බවත්, මේ අය සමග තමාට දේශපාලනයක් නැති බවත්, කියා සිටියේය.