Colombo Today Local News

රජයට උපදෙස් දීම සදහා විශේෂ සර්වාගමික උපදේශක කමිටුවක් !

Srvagamika balupuuttuwa 22

සංස්කෘතික සහ ආගමික වශයෙන් රටේ මතුවන ගැටලුවලදී රජයට උපදෙස් ලබා ගැනීම සඳහා අන්තර් ආගමික උපදේශක මණ්ඩලයක් පත් කරන බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඒ බව ප‍්‍රකාශ කළේ 25 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව ආගමික නායක හමුවට එක් වෙමින් බවයි රජය පවසන්නේ.

අන්තර් ආගමික උපදේශක මණ්ඩලයක් පිළිබඳ යෝජනාව පසුගිය රජය යටතේද සාකච්ඡ කළ නමුත් එය කි‍්‍රයාත්මක නොවුණු බව එහිදී පෙන්වා දී ඇති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක හිමියන් ඒ සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන නොබියව මුල පිරීම පිළිබඳ සංඝරත්නය ප‍්‍රමුඛ සර්ව ආගමික නායකයන්ගේ ප‍්‍රශංසාව හිමිවන බව ප‍්‍රකාශ කර තිබේ.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප‍්‍රකාශ කර ඇත්තේ එම යෝජනාව පිළිබඳ තමාගේද පූර්ණ එකඟතාවය පළ කරන බවයි.

බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු සියලූ ජන කොටස් අතරේ තිබිය යුතු ආගමික සංහිදියාව ගොඩනගමින් සියලූ ජන කොටස් අතර සාමය සහ සහජීවනය ගොඩනැංවීම තම රජයේ අරමුණ බව පවසා ඇති ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ අන්තවාදීන්ගේ කි‍්‍රයාකාරකම් හේතුවෙන් යම් යම් අවස්ථාවල ගැටලු පැන නගින නමුත් එයට විසදුම් ලබා ගැනීම සියලුදෙනාගේ වගකීම බවයි.

අන්තර් ආගමික උපදේශක මණ්ඩලය පත්කිරීම සහ එහි කාර්යභාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති අතර සියලු ආගමික නායකයන් එක්ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණය රජයට දැනුම් දෙන ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සර්ව ආගමික නායකයන්ගෙන් ඉල්ලා ඇත්තේ.

Related posts

දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණයක්

Admin

දොම්පේ පොලීසියේ අපරාධ අංශයේ OIC මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

colombotoday

අගවිනිසුරු පත්වී ඇත්තේ එජාපයේ උවමනවටයි – ඒ පිටුපස රාජ්‍ය නොවන සංවිධාන

colombotoday

ආපදා කලමනාකරණයේදී ආණ්ඩුව දිගටම ඇණකොන්ඩා.. කොස්ගම ජනතාව කුපිත වෙලා

colombotoday

විමල් වීරවංශ ආණ්ඩුවට ??

colombotoday

විමල් විරවංශ තමන්ගේ අමාත්‍යංශයේ සල්ලි අරගෙන අක්කගේ දුවගේ මගුල් කාපු හිගන ඇමති කෙනෙක්

colombotoday