පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට හැකිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් වන අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවන ලෙසට එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පුවත්පතකට ප්‍රකාශයක් දෙමින් අභියෝග කර තිබේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කර ඇත.
“තවත් ත්‍රීවිල් පක්ෂයක් හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් වන අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට හැකියාවක් නැහැ. මහින්ද මහත්තයට අවශ්‍ය නම් තමන්ගේ පවුලේ කට්ටිය දාගෙන තවත් ත්‍රීවිල් පක්ෂයක් හදන්න පුළුවන්. රාජපක්ෂ පවුලට සම්බන්ධ අය මිසක් මේ අලුතෙන් හදන්න යනවයි කියන පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෝ නම් බැඳෙන්නේ නැහැ.“