Colombo Today Local News

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා ගැන චීනයේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබදව අවධානයෙන් සිටින බව චීනය පවසයි.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ ජාතික ධජවලට පූර්ණ ගෞරවය දැක්විය යුතු බවය.

චීනය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සාමය සමෘද්ධිය සහ අභිමානය වෙනුවෙන් කැපවී සිටින බව ද චීන තානාපති කාර්යාලය පවසයි.

ජාතික ධජය ඇතුළත් කර පාපිස්නා සහ පාවහන් නිෂ්පාදනය කර අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන වෙබ් අඩවියක ප්‍රදර්ශනය තිබේ.

අදාළ භාණ්ඩ නිෂ්පාදකවරයා චීනයේ වන අතර ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඊයේ (12) දිනයේ දැනුම්දීමක් කරනු ලැබීය.

ඊට අමතරව අදාළ භාණ්ඩ අලෙවිකරන ඇමසොන් වෙබ් අඩවියේ මූලස්ථානය පිහිටා ඇත්තේ අමෙරිකාවේ වන බැවින් ඒ පිළිබඳව සොයාබලන ලෙස වොෂිංටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Related posts

අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොවිඩ්

colombotoday

ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් බිඳවැටේ

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ තෙල් විසුරුමක් – නෞකාව වහාම නාවික සැතපුම් 200 ක් දුරට ඉවත් කළ යුතු බවට නීතිපතිගෙන් උපදෙස්

colombotoday

ඩීසල් සහ ගුවන් යානා තෙල් සහිත නැව දින 4 ක් මුහුදේ

colombotoday

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

colombotoday

කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමට පොලිසියට තදින් ඉන්න නියෝග

Admin