Colombo Today Local News

නාවික හමුදා කඳවුර ඉවත් කර සාම්පූර් බලාගාරය ඉදිකිරීමට පියවර

sampur navy base 33

විවිධ විරෝධතා එල්ල වුවද ඒවා නොතකා සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇති අතර ඒ සඳහා සාම්පූර් නාවික හමුදා කඳවුර ඉන් ඉවත් කිරීමට ද නියමිතය.

සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම ඉන්දියාව විසින් සිදුකරන අතර මේ සඳහා මේ වනවිට පරිසර වාර්තාවක්‌ද ලබාගෙන ඇත.

මෙගාවොට්‌ 500 ක ධාරිතාවයෙන් යුතු අදාළ බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය වන නිසා සාම්පූර් නාවික හමුදා කඳවුර සාම්පූර් ප්‍රදේශයෙන් ඈතට ගෙන යැමට තීරණය කර ඇති බව ආණ්‌ඩුවේ ප්‍රකාශකයකු කීය.

බලාගාරය ඉදිකිරිම සම්බන්ධව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා එහි නිරීක්‍ෂණ චාරිකාවකද නිරතවී තිබේ.

කෙසේ වෙතත් සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සම්බන්ධව නිශ්චිත දිනයක්‌ තවම තීරණය කර නැතැයිද ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

බලාගාරය ඉදිකිරීමට අක්‌කර 500 ක භූමි ප්‍රදේශයක්‌ වෙන්කර ඇත. ව්‍යාපෘතියේ ඇස්‌තමේන්තු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 600 ක්‌ වන බවටද හඳුනාගෙන තිබේ.

අකිත පෙරේරා සහ – ශිරාන් රණසිංහ -දිවයින

Related posts

“පෞද්ගලික අධ්‍යාපනය නංවනවා.. තවත් වෛද්‍ය විද්‍යාල තුනක් අරඹනවා“ – කිරිඇල්ල

colombotoday

දින 6කට ඇතිවෙන්න ගෑස් අරන් නැවක් කොළඹට

colombotoday

වැඩි කළ වැට් බදු අද සිට බලාත්මකයි

colombotoday

ආන්දන්කුලම් ප්‍රදේශයේ බැලූන්වලටත් ඇන්ටිජන්

colombotoday

පැතුම් කර්නර්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

colombotoday

අගමැති, නාවික හමුදාපතිට හම්බන්තොට වරායේ තවත් වැඩක් බාරදෙයි !

colombotoday