Colombo Today Local News

තැපෑලෙන් ආ කෝටි 13කට අධික දකුණු ආසියාවේ විශාලතම මත් පෙති තොගය ශ්‍රී ලංකා රේගු භාරයට

දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති විශාලතම මත්පෙති තොගය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සිය භාරයට ගෙන ඇත.

18,000කින් යුතු මෙම මත්පෙති තොගය බෙල්ජියමේ සිට මෙරටට ගෙනවිත් ඇති අතර කිලෝ 09ක බරකින් යුක්ත මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි 13.5ක් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මධ්‍යම තැපැල් හුවමාරුව ට ලැබී තිබූ පාර්සල් කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුව විසින් කරතිබූ විමර්ශනයක දී, මෙම මත්පෙති තොගය හමුවී ඇත.

මේ සමගම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා හුවමාරු කිරීමට තැත් කළ මත් කොළ තොගයක් ද රේගුව විසින් සොයාගෙන තිබේ.

Related posts

හෝමාගම, පිටිපත භූගත කසිප්පු ස්කාගාරය වටලයි | කසිප්පු කළුවා අත්අඩංගුවට

colombotoday

හෙරොයින් ජාවාරම් කළ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

වැලිකඩ බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවෙක් යලි අත්අඩංගුවේ..

colombotoday

කොළඹ වරායට CCTV පද්ධතියක්

colombotoday

අරගලකරුවන්ට ගැටලු‍ සාකච්ඡා කරන්න ආණ්ඩුවෙන් වෙබ් අඩවියක්

colombotoday

අවුරුදු තුනකට පෙර ඉවත් කල සිම් එකක තැන්පතු මුදල ඉල්ලා ‘එටිසලාට්‘ සමාගමෙන් ප්‍රසිද්ධ හිමිනමකට නඩු…

colombotoday