Colombo Today Local News

යහපාලනය පලතුරු ආනයනයට කෝටි 447ක් වැය කරලා..

යහපාලන ආණ්ඩුව සමයේ රුපියල් කෝටි 447කට අධික මුදලක් වැය කර පලතුරු ආනයනය කර තිබේ.

ඒ අනුව 2015 සිට 2019 කාලයේ දී පලතුරු ටොන් කෝටි 28කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බව රේගු ප්‍රකාශකයකු පැවසීය.

සමාගම් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් රටවල් 56කින් එම පලතුරු මෙරටට ගෙන්වා ඇත.

වැඩිම පලතුරු තොගය ආනයනය කර ඇත්තේ 2018 වර්ෂයේ වන අතර එම ප්‍රමාණය ටොන් හැට හත්දහස් දෙසිය තිස් එකක් බව සඳහන් වේ.

වැඩියෙන්ම ඇපල් ආනයනය කර ඇති අතර ඊළඟට දොඩම් ආනයනය කර තිබේ. ඊට අමතරව මෙරට හොඳින් වගා කළ හැකි කෙසෙල්, අලි පේර, පේර, මැන්ගුස්, දෙහි, කොමඩු, ගස්ලබු ආදී පලතුරුද ආනයනය කර ඇත.

Related posts

රාජ්‍ය ව්‍යවසායන්හි කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමේ පුවරුවක්

Admin

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්

Admin

කැබිනට් ඇමැතිවරු 18ක් දිවුරති. රනිල්ගේ ඇමැති මණ්ඩලය මෙන්න

colombotoday

හිටපු ජනපති සිරිසේන අද අධිකරණයට!

Admin

රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීම සැක සහිතයි

colombotoday

පෞද්ගලික බස් ධාවනය පහතට

colombotoday