Colombo Today Local News

ප්‍රංශයට යවනවැයි කියා මුදල් ගැරූ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට

අසර්බයිජානය හරහා ප්‍රංශයට යාමට උත්සහ දැරූ පුද්ගලයන් හත් දෙනකු හා එම ජාවාරම මෙහෙයවූ කහතුඩුවේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

අසර්බයිජානය ට යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස කහතුඩුව ප්‍රගති මාවත ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු කළ දැනුම්දීමක් අනුව ගුවන්තොටුපල කරා ගිය අවස්ථාවේදී තමන්ගේ නමට වීසා නොමැති බව පවසමින් හරවා එවූ බවත් තමන් රැකියා නියෝජිත වෙත රුපියල් ලක්ෂ 8 ක මුදලක් ලබා දුන් බවත් වැල්ලවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනවලදී මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වූ බව කහතුඩුව පොලීසිය කියයි.

තමන් සමග තවත් පුද්ගලයන් 6 දෙනකු ගුවන් තොටුපොළ කරා ගියද ඔවුන්ටද විදේශගත වීමට නොහැකි වූ බව එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් ව ඇත.

මද වේලාවක දී තවත් පුද්ගලයන් 6 දෙනකු පොලීසිය වෙත පැමිණ තමන් කහතුඩුව රැකියා නියෝජිත ආයතන වෙත රුපියල් ලක්ෂ 62 ක මුදලක් ලබාදී විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත ගිය ද එම නියෝජිතයා තමන්ව ගුවන්තොටුපල තුළට පමණක් රැගෙන ගිය බවට සඳහන් කරමින් පැමිණිල්ලක් සිදුකර ඇත.

Related posts

75 වන නිදහසට ඉන්දියාවෙන් බස් 500ක් (video)

Admin

ඌව මහ ඇමති ඉල්ලා අස්නොවෙයි.. අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

colombotoday

රටම කලුවරේ මුදල් ඇමැති කරන්නේ මොනවාද. තෙල් ටැංකි සියල්ලම ඉන්දියාව උකස්කරලා

colombotoday

ජනපති,අගමැති,කතානායක සාකච්ඡාවේ තීන්දු මෙන්න

colombotoday

නැව් මගින් වන තෙල් කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

දමිතා අබේරත්නට ඇප

colombotoday