Colombo Today Local News

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

ඡන්ද අපේක්ෂකයන් මැතිවරණවලදී කරන වියදම් නියාමනය කිරිම සඳහා ප්‍රතිපාදන ඇතුළත් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (8)දින ඉදිරිපත් කළේය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.

පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ පවත්වනු ලබන සෑම ඡන්ද විමසීමක දීම අපේක්ෂකයන් විසින් දරනු ලබන වියදම් නියාමනය කිරීම පිණිස සහ ඊට සම්බන්ධ අනුශාංගික කාරණා සඳහා සැලැස්වීමට මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඒ පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කරමින් මෙහිදී ප්‍රකාශ කළේය.

Related posts

හිටපු මුහුදු කොටි නායිකා බහිරතී නිදහස්‌

colombotoday

මහජන සාමය පවත්වාගෙන යෑම හමුදාව යටතට

colombotoday

හෙට සිට බුත්තල නගරයත් වහයි

colombotoday

රුපියල් දහසේ අලුත් මුදල් නෝට්ටුවක්

colombotoday

ජනතාවගේ මූණ දැක්කාම මට ඔක්සිජන් ලැබෙනවා – සජිත්

colombotoday

රංජන් ජයලාල්ට බෝනස් නැතිවෙන ලකුණු

Admin