Colombo Today Local News

පොලීසිය හොර වැඩක: ඥාණසාර හිමිගේ නඩුවේ බී වාර්තාව වෙනස් කරයි!

gnghu25585fdfd

 

අප්‍රකට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරියට උසාවියේදි බැණ තර්ජනය කිරීමේ චෝදනාව මත මේ මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේගේ නඩුවට අදාල (බී) වාර්තාව පොලීසිය විසින් හොර රහසේ වෙනස් කරමින් පවතින බව වාර්තා වනවා.

ඥාණසාර හිමියන්ට චෝදනා ගොණුකර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 486 වගන්තිය යටතේ වන අතර එම වගන්තියට යටත්වන වරදකට උසාවියෙන් ඇප නියම කළ හැකි වේ. පසුගිය නඩුව විභාගයට ගෙන ඇත්තේද එම වගන්තිය යටතේ ගොණුකරන ලද චෝදනාව සම්බන්ධයෙනි.

නඩුව හෙට (16) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැදවීමට නියමිත අතර මේ වන විට පොලීසියේ ඉහළ නිලධාරීන් විසින් උසාවියට ඇප දියනොහැකි මට්ටමේ චෝදනා ගොණුකර අදාල නඩුවේ බී වාර්තාව නීති විරෝධී ලෙස වෙනස් කරමින් සිටින බවයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ.

හෙට දිනයේද ඇප නොදී ඥාණසාර හිමියත් තව දුරටත් බන්ධනාගාරගත කිරීමේ අරමුණින් මෙම කූට ක්‍රියාව සිදු කරමින් පවතින අතර රජයේ ඉහළ බලධාරීන්ගේ අදහස වී ඇත්තේ ද කෙසේ හෝ ඥාණාසර හිමියන් තව දුරටත් බන්ධනාගාරගතකර තැබිය යුතුය යන්නයි. මේ සදහා නීතිඥ සංගමය සහ ආගමික ප්‍රධානියෙකුට හිතවත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුද දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බවයි අභ්‍යන්තර තොරතුරු මූලාශ්‍රවලින් තව දුරටත් අප වෙත වාර්තා වන්නේ.

Related posts

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් කිසිවිටෙකත් බලපෑම් කළේ නෑ – යුධ හමුදාපති මහේෂ් සේනානායක දැන් කියන කතාව

colombotoday

සැප වාහන ඕන.. හිගන්නො වගේ ඉන්න බෑ.. ඇමතිවරුන්ගේ වරප්‍රසාද කපා රට ගොඩනගන්න බෑ

colombotoday

වවුනියාව මුස්ලිම් හෝටලයකින් බෝම්බ හා පතුරම් තොගයක් හමුවෙයි

colombotoday

ශ්‍රී ලාංකිකයන්ට ක්ෂේත්‍ර 14ක ජපානයේ අසීමිත රැකියා…

colombotoday

අර්ථසාධක අරමුදලේ ආයෝජනවලටත් රවී තට්ටු කරයි.. 14% ක බද්දක් ගහන්න යයි !

colombotoday

මැණික් ගලක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 14ක් කොල්ලකෑ කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday