Colombo Today Local News

ඥාණසාර හිමි දිගටම හිර කරන්න නීතිපති පරණ කුණු අවුස්සයි ! නිදොස්කොට නිදහස් කළ නඩුවක් නැවත කැදවන්න යයි

ganasara himi 25688

2008 වසරේදී මාලඹේ තලාහේන ප්‍ර දේශයේ පවත්වාගෙන ගිය අනවසර යාඥා මධ්‍යස්ථානයක ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13න් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොණුකර තිබූ නඩුවක් විභාගයට ගත් කොළඹ මහාධිකරණය විත්තිකරුවන් නිදෝ කොට නිදහස් කිරීමට නියෝග කර තිබුණි.

එම නඩුව නැවත කැදවා ඥාණසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනා වරදකරුවන් කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් අභියාචනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එය විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (10) තීරණය කරනු ලැබුවා.

අදාල විත්තිකරුන් පිරිස එම යාඥා මධ්‍යස්ථානයට පහරදී මංකොල්ලකෑවේ යැයි සදහන් කරමින් එම අභියාචනාව ඉදිරිපත් කර තිබෙන අතර මාර්තු මස පළමුවැනිදා එය විභාගයට ගැනීමටයි අභියාචනාධිකරණය තීරණය කර ඇත්තේ.

[fbvideo link=”https://www.facebook.com/SinhaleUnity/videos/521374818032682/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මානව හිමිකම් කොමසාරිස් කොටින්ගේ බළල් අතක්

colombotoday

එජාප මන්ත්‍රීන් 40ක් රවී සමග එක්වෙයි.. විශ්වාසභංගයට සහය දීමටනම් කොන්දේසි දමයි..

colombotoday

රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් මියගියේ අපේ සන්දිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙක් – රනිල් වික්‍රමසිංහ

colombotoday

මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මසයේ

colombotoday

ආපදා සහිත ප්‍රදේශවල පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කරයි

Admin

පල්ලේකැලේ භූ චලනයන්ට හේතුවන කරුණු දෙකක් ගැන අවධානය

colombotoday