මුලතිව්හි සෙම්මාලෙයි රජයේ විදුහලේ වාර්ෂික නිවාසාන්තර උළෙලේදී එක් නිවාසයක සලකුණ ලෙස කොටියෙකුගේ මුහුණ යොදා ගැනීම සම්බන්ධයෙන් බුද්ධි අංශ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මේ ක්‍රියාව හිතාමතාම කරන ලද්දක් බවයි ආරක්ෂක අංශ සැක පලකරන්නේ.
සාමාන්‍යයෙන් නිවාසාන්තර තරගයකදී ඉදිකරනු ලබන නිවාසවල ආකෘතිය පිළිබඳව දළ සැලැස්මක් විදුහල්පතිවරයාටද නිවාසාන්තර ක්‍රීඩා කමිටුවටද ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දෙන ආරක්ෂක අංශ මේ ආකෘතිය මතභේදයකට තුඩු දෙන අන්දමට නිර්මාණය කිරීමට ඔවුන්ගෙන්ද අනුමැතිය ලැබීම පිළිබඳවද බුද්ධි අංශවල අවධානය යොමුව තිබේ.