නීතීඥ සංගමයේ හිටපු සභාපති සහ වත්මන් ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන නීතීඥ උපුල් ජයසුරිය මහතා තම රාජකාරී වෙලාවේදී ආයෝජන මණ්ඩලය විසින් ලබා දී ඇති රියදුරු සහ වාහන බාවිතා කරමින් අයෝජන මණ්ඩලයේ ආරක්ෂකයින්ද සමගින් ඊයේ (9) ඥානසාර හිමිට විරුද්ධව හෝමාගම අධිකරණයේ පෙනීසිටීමට පැමිණි බව වාර්තා වෙනවා.
ඥානසාර හිමි කෙසේ හෝ සිරගතකර තැබීමට නීතීඥ සංගමය ගත් තීරණයකට අනුව මෙලස පැමිණි බවයි එම ස්ථානයේ සිටි නීතීඥ මහත්මයකු අප හා ප්රකාශ කර සිටියේ. මෙලෙස ඥානසාර හිමිට විරුද්ධව පෙනී සිටීම සදහා නීතීඥ සංගමය නියෝජනය කරමින් නීතීඥයින් 50 කට අධික ප්රමාණයක් හෝමාගම අධිකරණය වෙත පැමිණ සිටියා.