Colombo Today Local News

කොටුව දුම්රිය ස්ථානයේ මගියාට පහරදුන් පොලිසියට වන්දි ගෙවන්න වෙයි

police_attack

කොටුව දුම්රිය ස්‌ථානයේ පැවැති දුම්රිය සේවක විරෝධතාවකදී පොලිස්‌ කැරලි මර්දන නිලධාරීන්ගේ පහරකෑමට ලක්‌ව තුවාල ලැබූ දුම්රිය මගියාට රුපියල් 50,000 ක වන්දියක්‌ ගෙවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ඊයේ (09 දා) පොලිස්‌පතිවරයාට හා රජයට නියෝග කළාය.

කිසිදු අයුරකින් සොයාබැලීමක්‌ නොකර විරෝධතාවේ නිරත වූ දුම්රිය සේවකයකු යෑයි සැකකොට සිදුකළ එම පහරදීමට එරෙහිව එම දුම්රිය මගියා විසින් ගොනුකර තිබූ නඩුවක්‌ විභාග කළ අතිරේක දිසා විනිසුරුවරිය දෙපාර්ශ්වය කළ කරුණු දැක්‌වීම් සලකා බලා එම නියෝගය කළාය. එමෙන්ම එම මගියාට නඩු ගාස්‌තු ලෙස වැය වූ මුදල් හා එම නඩු ගාස්‌තු ගෙවා නිම කරන දින දක්‌වා නඩු ගාස්‌තු වෙනුවෙන් පොලී ගෙවන ලෙසට ද විනිසුරුවරිය එහිදී විත්තිකාර පොලිස්‌පතිවරයාට හා රජයට නියෝග කළාය.

දිනපතා දුම්රියේ ගමන් කරන මගියකු වන තමා 2014.04.22 වැනි දින පස්‌වරු 5.15 ට පමණ සිය රාජකාරි නිමකොට නිවස බලා යැමට දුම්රිය ස්‌ථානයට පැමිණ සිටියදී එදින පැවැති දුම්රිය සේවකයන්ගේ විරෝධතාවයක්‌ මැඬපැවැත්වීමට පැමිණි පොලිස්‌ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ අමානුෂික ලෙස සිදුකළ පහරදීම නිසා රෝහල්ගත වී ප්‍රතිකාර ලබීමට සිදු වූ බව පෙත්සම්කාර දුම්රිය මගියා වන ගම්පහ ඔරුතොට ප්‍රදේශයේ පදිංචි දුමින්ද හපුආරච්චි මහතා පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

නීතිඥ තිස්‌ස වේරගොඩ මහතා හා නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න මහතා පැමිණිලිකරු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

පහරදුන් අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශන

[mom_video type=”youtube” id=”CPMN2QqNzjg”]

Related posts

මහජන දේපල සාංඝික දේපලක් හා සමානවට කටයුතු කරන්න

Admin

ඇමතිකමින් ඉවත්වන්නැයි අගමැති මාරපනට කියලා

colombotoday

පැන්ඩෝරා විමර්ශනයේ අතුරු වාර්තාව ජනපතිට

colombotoday

රජයේ සුවිශේෂී නව ආර්ථික වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයට

colombotoday

සෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 1500 ක් මෙරටට

colombotoday

තණමල්විල ගංජා හේනක් වටලයි

Admin