Colombo Today Local News

ඤාණසාර හිමියන් තවදුරටත් සිරගත කිරීමට නීතීඥ සංගමය සහ එන්ජීඕ කුමන්ත්‍රණයක්!

ganasara himi d4545අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට ඇප ලබා ගැනීම සදහා ඇති අවස්ථා අවහිර කර එහමියන් තව දුරටත් බන්ධානාගාරගත කිරීම සදහා එජාපයේ ශාකා සමිතියක් වන නීතීඥ සංගමය සැලසුම්සහගතව ක්‍රියාත්මක වෙමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඤාණසාර හිමියන් බන්ධනාගාරගත කිරීම හේතුවූ එක්නැලිගොඩ සම්බන්ධයෙන් නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඤාණසාර හිමියන් විසින් උසාවිය තුළදී දිලීප පීරිස් නමැති නීතීඥයාට ‘නපුංසකයා‘ ලෙස බැණ වැදී ඇති බවත් එය සමස්ථ නීතිඥ ප්‍රජාවටම කළ අපහාසයක් බවත් සදහන් කරමින් නීතිඥ සංගමය විසින් පැමිණිල්ලක් කිරීමට නියමිතව සිටින අතර මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස ඉල්ලා සිටීමටද සැරසෙන බව නීතීඥ සංගමයේ අභ්‍යන්තර තොරතුරු මාර්ගවලින් අප වෙත දැන ගැනීමට ලැබී තිබෙනවා.

එජාප ප්‍රබලයෙක් සහ රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කරන නීතීඥයන් පිරිසක් මැදිහත් වී ඤාණසාර හිමියන්ට එරෙහිව නීතීඥ සංගමය මෙහෙයවමින් සිටින අතර කෙසේ හෝ එහිමියන් සිරගත කර ජාතික ව්‍යාපාර අඩපණ කිරීමේ ඔවුන්ගේ අරමුණ වී ඇත.

කෙසේ වෙතත් අදාළ අවස්ථාවේ එම ස්ථානයේ සිටි අප වාර්තාකරු පැවසූයේ එවැනි බැණවැදීමක් ඤාණසාර හමියන් සිදු නොකළ බවයි.

Related posts

විදෙස් මාධ්‍ය ජනපති මෛත්‍රීට මඩු වලිගයෙන් තලයි

colombotoday

VAT වැඩිවුයේ මහබැංකු බැදුම්කර වංචාවේ බිලියන 145 ක පාඩුව පියවන්නයි

colombotoday

ගම්මන්පිල , විමල්, වාසුදේව යන අය ආණ්ඩුව පවත්වාගෙන යාමට සහයෝගය නොදැක් වු පිරිසක් – අමාත්‍ය දිළුම් අමුණුගම

colombotoday

මාධ්‍යවලට වල්බූරු නිදහස් දීමට සූදානම් නෑ.. ළගදීම පනතක් ගේනවා – මහින්ද සමරසිංහ

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන නෑ.. වසර 10ක බදු අරගෙන පමණයි.. අයිතිය නෙවිල්ටමයි !

colombotoday

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයට STF ආරක්ෂාව ඉල්ලයි

colombotoday